සරසවි කාන්තා වැසිකිළියට රිංගා නීති පීඨ මහාචාර්යවරියගේ අත්බෑගය උස්සලා | දිනමිණ

සරසවි කාන්තා වැසිකිළියට රිංගා නීති පීඨ මහාචාර්යවරියගේ අත්බෑගය උස්සලා

හොර නීති සිසුවා රිමාන්ඩ්

විශ්වවිද්‍යාල සිසුවකු ලෙස පෙනී සිටිමින් අනවසරයෙන් කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයට ඇතුළු වී කාන්තා වැසිකිළියේ දොර කඩා මහාචාර්යවරියකගේ අත් බෑගයේ තිබූ මුදල් සොරකම් කළ තරුණයකු ලබන මස පස් වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඊයේ (22) නියෝග කළේය.

මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ අනුරාධපුර 3 වන පියවර පදිංචි ආරියවංශ මුදියන්සේලාගේ ශෂික නමැති 27 හැවිරිදි තරුණයෙකි.

සැකකරු කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ නීති සිසුවකු මෙන් පෙනී සිටිමින් බොහෝ කාලයක් විශ්වවිද්‍යාල සිසුන්ගේ මුදල් හා දේපොළ සොරාගෙන ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයි කුරුඳුවත්ත පොලිසිය අධිකරණයට දැන්වීය.

ඉකුත් 18 වැනි දින මහාචාර්යවරිය වැසිකිළියට ගිය අවස්ථාවේදී සැකකරු වැසිකිළියේ දොර කඩා ඇතුළු වී බිත්තියේ එල්ලා තිබූ අත්බෑගයේ තිබූ 13,400ක මුදල සොරාගෙන තිබේ.

නිල්මිණි රෝස් වීරසේකර යන මහාචාර්යවරිය පොලිසියට පැමිණිලි කිරීමෙන් පසු සැකකරුගේ හැඩරුව අනුව විමර්ශන සිදු කර විශ්වවිද්‍යාල භූමියේදී පොලිසිය සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

සිරන්ජනී කුමාරි

නව අදහස දක්වන්න