ශ්‍රී ලාංකික සිසුන් සඳහා ඉන්දියාවේ අධ්‍යයන පාඨමාලා | දිනමිණ

ශ්‍රී ලාංකික සිසුන් සඳහා ඉන්දියාවේ අධ්‍යයන පාඨමාලා

කොළඹ, ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය MBBS, BDS, BE, B.Tech, B.Pharm, B.Arch උපාධි පාඨමාලා, ඩිප්ලෝමා මට්ටමේ තාක්ෂණික පාඨමාලා සහ ‍ඖෂධවේදී ඩිප්ලෝමා පාඨමාලා සඳහා 2023-24 අධ්‍යයන වර්ෂය සඳහා ස්වයං මූල්‍ය යෝජනා ක්‍රමය යටතේ සුදුසුකම්ලත් ශ්‍රී ලාංකික සිසුන්ගෙන් (OCI කාඩ්පත් හිමියන් හැර) අයදුම්පත් කැඳවයි. 
 
MBBS/BDS සඳහා අයදුම් කිරීමට අපේක්ෂා කරන අයදුම්කරුවන් NEET පරීක්ෂණයෙන් අවම වශයෙන් ලකුණු 50%ක් ලබා ගත යුතු අතර උසස් පෙළ විභාගයේ දී භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, ජීව විද්‍යාව සහ ඉංග්‍රීසි යන විෂයන් සඳහා අවම වශයෙන් 50%ක් ලබා තිබිය යුතුවේ. 
 
BE/B.Tech සහ ඉංජිනේරු ඩිප්ලෝමා පාඨමාලා සඳහා අයදුම් කරන්නන් උසස් පෙළ විභාගයේ දී භෞතික විද්‍යාව, රසායන විද්‍යාව සහ ගණිතය සඳහා අවම වශයෙන් 60%ක් සහ ඉංග්‍රීසි විෂය සඳහා අවම වශයෙන් 50%ක් ලබා තිබිය යුතු ය. 
 
B.Pharmacy සහ ඖෂධවේදී ඩිප්ලෝමා පාඨමාලා සඳහා අයදුම් කරන්නන් උසස් පෙළ විභාගයේ දී භෞතික විද්‍යාව, රසායන විද්‍යාව සහ ජීව විද්‍යාව සඳහා අවම වශයෙන් 60%ක් සහ ඉංග්‍රීසි විෂය සඳහා අවම වශයෙන් 50%ක් ලබා තිබිය යුතු ය. 
 
B. Arch සඳහා අයදුම් කිරීමට අපේක්ෂා කරන සිසුන් අනිවාර්යයෙන් ම නව දිල්ලියේ ගෘහ නිර්මාණ කවුන්සිලය විසින් පවත්වන යෝග්‍යතා පරීක්ෂණය සමත් විය යුතු ය. 
 
උනන්දුවක් දක්වන අයවලුන් හට අවශ්‍ය අයදුම්පත් සතියේ ඕනෑම වැඩ කරන දිනයක දී ප.ව. 2.00 සිට ප.ව. 4.00 දක්වා අ.පො.ස. සාමාන්‍ය පෙළ, උසස් පෙළ සහතික සහ උප්පැන්න සහතිකය ඉදිරිපත් කර කොළඹ, ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ අධ්‍යාපන අංශයෙන් ලබා ගත හැකිය.  
 
මහ කොමසාරිස් කාර්යාලය විසින් අදාළ සියලු ලේඛන සමඟින් අයදුම්පත් භාර ගන්නා අවසාන දිනය 2023 ජූනි 16 වැනිදා වේ. 
 

නව අදහස දක්වන්න