සංක්‍රමණික කාන්තාවන්ගේ දරුවන් ලියාපදිංචියට පවුම් දසදහසට පීතෘත්වය අලෙවි කිරීමේ ජාවාරමක් | දිනමිණ

සංක්‍රමණික කාන්තාවන්ගේ දරුවන් ලියාපදිංචියට පවුම් දසදහසට පීතෘත්වය අලෙවි කිරීමේ ජාවාරමක්

බීබීසී විමර්ශනයෙන් හෙළිවෙයි

බ්‍රිතාන්‍යයේ සංක්‍රමණික කාන්තාවන්ගේ දරුවන්ට එරට පුරවැසිභාවය ලබා ගැනීම සඳහා උප්පැන්න සහතිකයට පීතෘත්වය අලෙවි කරන ජාවාරමක් පසුගියදා බීබීසී පුවත් සේවයේ විශේෂ විමර්ශන කණ්ඩායමක් සමත් වී ඇත. එරට නිත්‍ය පුරවැසියන් වන පුද්ගලයන්ට පවුම් දසදහසක් ගෙවා ඔවුන්ගේ වාසගම සංක්‍රමණික කාන්තාවන්ට දාව උපදින දරුවන් ලියාපදිංචි ලේඛනයට ඇතුළත් කිරීමට ජාවාරම්කරුවන් කටයුතු කරන බව එම විමර්ශනයෙන් අනාවරණය වී තිබේ. බ්‍රිතාන්‍යයේ නිත්‍ය පුරවැසියකු එරට උපත ලබන දරුවකුගේ පීතෘත්වය බාර ගැනීමේදී දරුවාට ද පුරවැසිභාවය ලැබෙන අතර, පසුකාලීනව සංක්‍රමණික මවට බ්‍රිතාන්‍යයේ වීසා බලපත්‍රය ලබාගැනීමට එය සාධකයක් බවට පත්වන බැවින් මේ ජාවාරම සිදු කෙරෙන බවත් බීබීසී විමර්ශනයෙන් හෙළි වී තිබේ.

එවැනි කටයුතු එරට ආගමන විගමන වංචාවක් ලෙස සැලකෙන බැවින් එම ජාවාරම හෙළිවීමත් සමඟ එය මැඬ පැවැත්වීමට බ්‍රිතාන්‍ය අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශයේ අවධානය යොමු වී ඇත.

නව අදහස දක්වන්න