නීතිය අකුරටම ඉටු කරනවා | දිනමිණ

නීතිය අකුරටම ඉටු කරනවා

සුධර්මා නෙත්තිකුමාරගේ  මෙහෙකාරියගේ මරණය

අගමැතිගෙන් සහතිකයක්

වැලිකඩ පොලිස් අත්අඩංගුවේ සිටියදී මියගිය කාන්තාවගේ සිද්ධිය පිළිබඳ නීතියට පිටින් කිසිවක් සිදු කිරීමට ඉඩකඩක් නොලැබෙන බව, අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී (24) පැවැසීය.

එම මරණය සැක සහිත බවත් එම මෘත දේහය නැවත ගොඩගෙන ස්වාධීන පරීක්ෂණයක් සිදු කරන ලෙසත් මනෝ ගනේෂන් මන්ත්‍රීවරයා කළ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් අගමැතිවරයා කියා සිටියේය.

මනෝ ගනේෂන් මන්ත්‍රීවරයා, ඔබතුමා නඟපු කාරණය අපි දුරකතනයෙන් දැනුම් දුන්නා. නීතියට පිට ඒකට ඉඩකඩක් ලැබෙන්නේ නෑ. ඔබතුමාගේ කරුණු ටික යවලා තියෙන්නේ අවශ්‍ය කටයුතුවලට යැයිද අගමැතිවරයා පැවැසීය.

නුවන් කොඩිකාර සහ සන්ධ්‍යා කරුණාරත්න

නව අදහස දක්වන්න