ගුවන් තැපෑලෙන් ආ කෝටි තුනහමාරක කුෂ් රේගු දැලේ | දිනමිණ

ගුවන් තැපෑලෙන් ආ කෝටි තුනහමාරක කුෂ් රේගු දැලේ

ගුවන් තැපැල් මඟින් නීති විරෝධී අයුරින් මෙරටට එවා තිබූ රුපියල් මිලියන 34.75ක් වටිනා කුෂ් නමැති මත්ද්‍රව්‍ය කිලෝ 3.475ක් රේගුව භාරයට ගෙන තිබේ.

පසුගිය කාලය තුළ දී අමෙරිකා එක්සත් ජනපදය සහ ඔස්ට්‍රේලියාව යන රටවලින් තැපැල් මඟින් බොරලැස්ගමුව, වැල්ලවත්ත, මිනුවන්ගොඩ, වැලිසර, නුවරඑළිය සහ තලංගම යන ප්‍රදේශවල ලිපිනයන් වෙත ඒවා තිබුණ පාර්සල් 10ක් ශ්‍රී ලංකා රේගුවේ මධ්‍යම තැපැල් හුවමාරු අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

එම පාර්සල් ලබා ගැනීමට ඒවායේ අයිතිකරුවන් ඉදිරිපත් නොවූ බැවින් පෙරේදා (23) පොලිස් මත්ද්‍රවය කාර්යාංශයේ නිලධාරීන් සහ තැපැල් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඉදිරියේ දී ඒවා රේගු නිලධාරීන් විසින් පරීක්ෂා කරන ලදි. එම පරීක්ෂාවේ දී එහි තුළ තිබී “කුෂ්” නමැති මත්ද්‍රව්‍ය කිලෝ 3.475ක් සොයා ගන්නා ලදි.

මෙම භාණ්ඩ තොගයේ මුළු වටිනාකම රුපියල් මිලියන 34.75 වන බවට ශ්‍රී ලංකා රේගුව ගණන් බලා ඇත.

වැඩිදුර විමර්ශනය කිරීම සඳහා මෙම මත්ද්‍රව්‍ය තොගය පොලිස් මත් ද්‍රවය කාර්යාංශය වෙත භාර දෙන ලදි.

සුභාෂිණී සේනානායක

නව අදහස දක්වන්න