SLT-MOBITEL Mobile ‘ONE SHOT’ පැකේජය හඳුන්වා දෙයි | දිනමිණ

SLT-MOBITEL Mobile ‘ONE SHOT’ පැකේජය හඳුන්වා දෙයි

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක SLT-MOBITEL Mobile, අසීමිත ප්‍රතිලාභ සහිත සුවිශේෂී පැකේජයක් ‘ONE SHOT’ නමින් හඳුන්වා දී ඇත. මෙය මෙරට දුරකතන සන්නිවේදන ක්ෂේත්‍රයේ සුවිශේෂී කඩඉමක් බවට පත්වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

දැනටමත් ‘Unlimited’ ලෙස හඳුන්වන පැකේජ කිහිපයක් වෙ‍ෙළඳපොළේ ඇති නමුත්, ඒවාට සාපේක්ෂව ‘ONE SHOT’ පැකේජය පාරිභෝගිකයන්ට සැබැවින්ම අසීමිත ප්‍රතිලාභ පිරිනමයි. මීට ඕනෑම ජාලයකට අසීමිත දුරකතන ඇමතුම් සහ SMS මෙන්ම, Facebook, Instagram, TikTok, Messenger, YouTube සහ WhatsApp වැනි බහුලවම භාවිත වන සමාජ මාධ්‍ය යෙදුම් සඳහා Nonstop ඩේටා පහසුකම්ද ඇතුළත් ය. ‘ONE SHOT’ මාසික පැකේජයට 30GB Anytime data ද, ඇතුළත් වන අතර, එහි ගාස්තුව රු. 989 කි. මීට අමතරව 7GB Anytime data සහිතව සතියක කාලයක් සඳහා වලංගු ‘ONE SHOT’ පැකේජයක්ද හඳුන්වා දී ඇති අතර, එහි ගාස්තුව රු. 289 කි. තමන්ට අවශ්‍ය පැකේජයට අදාළ වටිනාකම රීලෝඩ් කිරීමෙන්, #170# ඩයල් කිරීමෙන් හෝ Selfcare App එක භාවිතයෙන් මෙම පැකේජය සක්‍රීය කරගත හැකි වේ.

අඛණ්ඩව වසර 3ක් ශ්‍රී ලංකාවේ වේගවත්ම ජංගම දුරකතන ජාලය ලෙස Ookla Speed Test ඇගැයීමට ලක් වූ SLT-MOBITEL Mobile භාවිත කරන පාරිභෝගිකයන්ට දුරකතන සංඥා ආවරණය හෝ අන්තර්ජාල වේගය වැනි කරුණු සම්බන්ධයෙන් ගැටලු මතු නොවේ. ‘ONE SHOT’ පැකේජය මඟින් දිවයින පුරාම වෙසෙන පාරිභෝගිකයන්ට විශිෂ්ට මට්ටමේ සම්බන්ධතාවක් සමඟ ඉහළම තලයේ අත්දැකීමක් විඳගත හැකි වනු ඇති අතර, මේ පිළිබඳව වැඩිදුර තොරතුරු www.sltmobitel.lk වෙබ් අඩවියෙහි දක්වා ඇත.

නව අදහස දක්වන්න