Cargills Square කටුබැද්ද විවෘතයි | දිනමිණ

Cargills Square කටුබැද්ද විවෘතයි

ස්වදේශීය ශ්‍රී ලාංකේය සන්නාමයක් වන Cargills විසින් ලාංකේය සුපිරි වෙළඳ සැල් ව්‍යාපාරයේ නව සංධිස්ථානයක් සනිටුහන් කරමින් කටුබැද්ද Cargills Square වෙ‍ළෙඳ සංකීර්ණය විවෘත කරන ලදි.

Cargills Foodcity සුපිරි වෙළඳසැල් KFC අවන්හලක්, තවත් අවන්හල් කිහිපයක් සහ විශාල පරිමාණයේ Cargills Square එකක් සමගින් නිම වූ Cargills Square තුළ නවීන ත්‍රිමාණ තාක්ෂණයෙන් බලගැන්වුණු සිනමා ශාලා ඇතුළුව සිනමා ශාලා 03ක් ඇතුළත් වේ. මෙසේ විවෘත වූ කටුබැද්ද සිව්මහල් Cargills Square සංකීර්ණය, එකම වහලක් යටින් චිත්‍රපට නැරඹීමේ අවස්ථාව මෙන්ම Cargills Square වෙතින් භාණ්ඩ මිල දී ගැනීම සහ තවත් බොහෝ විනෝදජනක අත්දැකීම් විඳ ගැනීමට පාරිභෝගිකයන් වෙත ඉඩ සලසා දී තිබේ.

ගාලු පාර ඔස්සේ Cargills Square කටුබැද්ද වෙත ඉතා පහසුවෙන් ළඟා වීමට හැකි අතර බිම් මහලේ වාහන නැවැත්වීමේ පහසුකම් ද සපයා ඇත. රුපියල් බිලියන 1.5ක අයෝජනයකින් ඉදි කරන ලද මෙම සිව්මහල් සුඛෝපභෝගී සාප්පු සවාරි සහ විනෝදජනක අත්දැකීම් ලබා ගැනීමට හැකිවනවා මෙන්ම දේශීය ආර්ථිකය ගොඩනැංවීම සඳහා Cargills සමාගමෙහි නොපසුබට උත්සාහය ද විදහා දක්වයි.

එතැන් සිට යාපනය, ගම්පහ සහ දෙමටගොඩ යන ප්‍රදේශයන්හි ද අත්සාර්ථක අන්දමින් Cargills Square ආරම්භ වී තිබෙන එකී Cargills Square දාමයෙහි සිව්වන පියවර ලෙසින් කටුබැද්ද Cargills Square සංකීර්ණය විවෘත අතර, මීළඟ Cargills Square සංකීර්ණය මෙම වසර අග බණ්ඩාරවෙලදී විවෘත කිරීමට නියමිතය.

නව අදහස දක්වන්න