AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම 4වන වසරටත් ශ්‍රී ලංකාවේ හොඳම ජීවිත රක්ෂණ සමාගම ලෙසින් ජාත්‍යන්තර ඇගයුමට ලක්වී තිබේ.
AIA ඉන්ෂුවරන්ස් ජාත්‍යන්තර කැපිටල් ෆිනෑන්ස් වෙතින් 2022 වසර සඳහා ඇගයුමට ලක්කරන ලදී. AIA විසින් ශ්‍රී ලාංකීය ජීවිත රක්ෂණ ක්ෂේත්‍රය වෙත නව්‍ය රක්ෂණ සැලසුම් සහ විවිධ යෝජනා හඳුන්වා දෙමින්, අසමසම සේවාලාභී අත්දැකීම් ලබා දෙමින්, සාමාජයීය මෙහෙවර වෙනුවෙන් ආයෝජන සිදුකරමින් සහ සිය ශ්‍රම බළකාය සවිබලගන්වමින් සිදුකරන ලද දායකත්වය එමගින් පිළිබිඹු වේ.
පසුගිය වසර පුරාවට සමාජ මෙහෙවර විශාල ප්‍රමාණයක් AIA විසින් සිදුකරන ලද අතර ඉන් සමහරක් ලෙස, ශ්‍රී ලංකා HelpAge ආයතනය, SOS ළමා ගම්මානය, ශ්‍රී ලංකා පිළිකා සංගමය, ලංකා ඇල්සයිමර්සස් පදනම, පරිවාර සහ ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව යන ආයතන වෙත සිදුකළ මෙහෙවර මෙන්ම ශ්‍රී ලංකාව තුළ වැඩිම කාලයක් පුරාවට අඛණ්ඩව පවත්වාගෙන යන ආයතනික සමාජ මෙහෙවරයන් දෙකක් වන ජාතික පොසොන් රැකවරණ ව්‍යාපෘතිය සහ AIA උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව වැඩසටහන ද සඳහන් කළ හැකිය.
සමාගම සිය සේවාලාභීන්හට වඩාත් ඉහළ අත්දැකීම් ලබාදීම සඳහා සේවාලාභියාට සමාගම සමඟින් සම්බන්ධ වීමට ඇති අවස්ථා වැඩිකරමින්, නව්‍ය ඩිජිටල්කරණ තාක්ෂණය ඔස්සේ පහසු සහ කාර්යක්ෂම වූ සේවාවන් හඳුන්වා දී ඇත. මෙරට රක්ෂණ ක්ෂේත්‍රය තුළ ඩිජිටල්කරණය ඔස්සේ සේවා සැපයීමේ පුරෝගාමියා ලෙස AIA විසින් ප්‍රථම වශයෙන් වෙළෙඳපොළ වෙත දියත් කල සේවා රැසකි.
නව අදහස දක්වන්න