නෙස්ලේ සමාගමෙන්, පාසල් කසළ කළමනාකරණයට වැඩසටහන් රැසක් | දිනමිණ

නෙස්ලේ සමාගමෙන්, පාසල් කසළ කළමනාකරණයට වැඩසටහන් රැසක්

නෙස්ලේ ලංකා සමාගම සිය පාසල් කසළ කළමනාකරණ වැඩසටහනේ දෙවැනි අදියර වශයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය සහ මධ්‍යම පරිසර අධිකාරිය හා එක්ව සමස්ත ලංකා පාසල් පෝස්ටර් චිත්‍ර තරගයක් සංවිධාන කිරීමට පියවර ගෙන තිබේ. ‘මිහිතලයේ යහපැවැත්ම වෙනුවෙන් සිත්තමක මෙහෙවර’ යනුවෙන් නම්කර ඇති මෙම තරගය මඟින් කුඩා අවධියේ සිටම වගකීම්සහගත ලෙස කසළ බැහැර කිරීමේ ඇති වැදගත්කම පිළිබඳ පාසල් දරුවන් අතර අවබෝධය වර්ධනය කිරීමට අපේක්ෂා කෙරේ. මෙම තරගය අධ්‍යාපන කලාප, පළාත් සහ සමස්ත ලංකා යන තරග වට තුනකින් සමන්විත වන අතර, අවසන් වටය එළඹෙන ජුනි මාසයේ ලෝක පරිසර දිනයට සමගාමිව පැවැත්වීමට සැලසුම් කර තිබේ.

ශ්‍රී ලංකාවේ අනාගත පරපුර තුළ ධනාත්මක චර්යාත්මක වෙනස්කම් ඇති කිරීමේ බලාපොරොත්තුවෙන් 2020 වසරේදී ආරම්භ වූ පාසල් කසල කළමනාකරණ වැඩසටහන මඟින් පාසල් වෙත කසළ කළමනාකරණ පද්ධති පරිත්‍යාග කෙරුණි. ඊට සමගාමිව වගකීම්සහගත ලෙස කසළ බැහැර කිරීමේ වැදගත්කම පිළිබඳව ද පාසල් සිසුන් දැනුම්වත් කෙරුණි. කසළවලින් තොර අනාගතයක් වෙනුවෙන් නෙස්ලේ ලංකා සමාගම යන ගමන්මඟෙහි ප්‍රයත්නයක් ලෙස එම වැඩසටහන පසුගිය වසරේදී තවදුරටත් පුළුල් කරමින්, දිවයින පුරා පාසල් 200කට වැඩි සංඛ්‍යාවක සිසුන් 350,000ක් පමණ ආවරණය කිරීමට සමත්විය.

 

නව අදහස දක්වන්න