කඟවේනාගෙන් තවත් පිම්මක් යුපුන් ආසියාවේ හොඳම කාලයට | දිනමිණ

කඟවේනාගෙන් තවත් පිම්මක් යුපුන් ආසියාවේ හොඳම කාලයට

ප්‍රින්ස් ගුණසේකර

ඉතාලියේ සැවෝනාහි ඊයේ පැවති ජාත්‍යන්තර මලල ක්‍රීඩා තරගාවලියේදී මීටර් 100 ධාවන ඉසව්වේ රිදී පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකා කෙටි දුර ධාවන ශූර යුපුන් අබේකෝන් සමත් විය.

යුපුන් මීටර් 100 අවසන් තරගය තත්පර 10.01ක කාලයකින් අවසන් කරමින් රිදී පදක්කම තමන් සතු කරගත් අතර, රන් පදක්කම තත්පර 9.94කින් එංගලන්තයේ රීස් ප්‍රෙස්කොඩ් දිනා ගත්තේය. යුපුන්ගේ මෙම දක්ෂතාව මේ තරගවාරයේ ආසියානු මට්ටමේ හොඳම කාලයට ළඟාවීමකි.

“මේ වසරේ තරග ආරම්භයේදී මේක විශිෂ්ට ආරම්භයක්. ඉවසීමෙන්, විශ්වාසයෙන්, අධිෂ්ඨානයෙන් සිටීම අනාගතයේ හොඳ ප්‍රතිඵල දකින්න පුළුවන් හොඳ මාර්ගයක්. මගේ ගමනට සහය දුන් සැමට ස්තුතියි.” යනුවෙන් තරගයෙන් අනතුරුව යුපුන් අබේකෝන් සඳහන් කළේය.

නිමාවට පත් වූ බර්මින්හැම් පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළේ මීටර් 100 අවසන් තරගයේදී තත්පර 10.14කින් තරගය නිමා කරමින් ලෝකඩ පදක්කම දිනා ගැනීමට යුපුන් අබේකෝන් සමත් විය.

 

නව අදහස දක්වන්න