ධර්මාශෝකයේ අයියා-නගෝ ජාත්‍යන්තර චෙස් තරගාවලියකට | දිනමිණ

ධර්මාශෝකයේ අයියා-නගෝ ජාත්‍යන්තර චෙස් තරගාවලියකට

තිසල් මංජිත් සහ සයුමි විමංසා

අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ තිසල් මංජිත් පියුමන්ත සහ සයුමි විමංසා පියුමන්ති මෙවර කිරිකිස්තානයේ පැවැත්වෙන බටහිර ආසියානු යොවුන් චෙස් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා යොවුන් චෙස් කණ්ඩායමට එක්ව සිටිති.

මේ ධම්සෝ දරුවන් දෙදෙනාම එක කුසින් බිහිවූ අයිය නගෝ වීම මෙහි ඇති විශේෂත්වයකි. ශ්‍රී ලංකා චෙස් සම්මේලනයේ සංවිධානයෙන් පැවති ශ්‍රී ලංකා යොවුන් චෙස් තරගාවලියේදී මේ අයිය නගෝ දැක්වූ සුවිශේෂී දස්කම් මත ඔවුන් දෙදෙනා මේ තරගාවලිය සඳහා තේරීපත් වූහ.

එම තරගාවලියේදී තිසල් මංජිත් පියුමන්ත ශ්‍රී ලංකා අවුරුදු 18න් පහළ විවෘත චෙස් ශූරයාවූ අතර, ඔහුගේ එකම සොහොයුරිය වන සයුමි විමංසා පියුමන්ති 16න් පහළ බාලිකා සම අනු ශූරිය වූවාය.

 

නව අදහස දක්වන්න