පාන් ලොරියක යකඩ දොරක් ගැලවී ශරීරය මතට වැටී සයිකල් පදිමින් සිටී 13 හැවිරිදි පාසල් සිසුවෙක් මරුට | දිනමිණ

පාන් ලොරියක යකඩ දොරක් ගැලවී ශරීරය මතට වැටී සයිකල් පදිමින් සිටී 13 හැවිරිදි පාසල් සිසුවෙක් මරුට

සයිකල් පදිමින් සිටී 13 හැව්රිදි පාසල් සිසුවෙකු පාන් ලොරියක යකඩ දොරක් ගැලවී ශරීරය මත පතිතවීමෙන් ඊයේ (25) මියගොස් ඇතැයි වාද්දුව පොලිසිය පවසයි.

වාද්දුව , හබරලගහලන්ද ප්‍රදේශයේ පදිංචිව සිටී ගුණරත්න ගගන කාවින්ද මෙන්ඩිස් නමැති 13 හැව්රිදි දරුවෙකු මෙසේ මියගොස් ඇති බව පොලිසිය කීය.

මියගොස් ඇති දරුවා වාද්දු මධ්‍ය විද්‍යාලයේ 8 වසරේ ඉගෙනුම ලබන දක්ෂ සිසුවෙකු බවද සදහන් වේ.

ඔහු සිය බාල සොහොයුරා සමග සයිකල් පදිමින් වාද්දුව රතු ගේට්ටුව දෙස සිට හබරලගහලන්ද දෙසට ගමන් කරමින් සිටියදී , ඉදිරියෙන් පැමිණි පාන් ලොරියේ පැති යකඩ දොර ගැලවී දරුවාගේ පපුවේ වැදී දරුවා විසිවී බිම ඇදවැටී දොර ශරීරය මත පතිතව ඇතැයි පොලිසිය කීය.

බරපතළ තුවාල ලබා සිටී දැරුවා පානදුර මූලික රෝහලට ඇතුලත් කර දැඩ් සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද දහවල් මියගොස් ඇති බව රෝහල් ප්‍රකාශකයෙක් කීය.

වාද්දුව , වේරගම ප්‍රදේශයේ පදිංචි ලොරි රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර පානදුර මහේස්ත්‍රාත් අධ්කරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 29 දා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගතකල බව පරීක්ෂණ සිදුකරන නිළධාරීයෙක් කීය.

ජේෂ්ඨ පොලිස් අධිකාරී සමන්ත වෙදගේ , සහකාර පොලිස් අධිකාරී නිශාන්ත සේනාරත්න යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චාමින්ද කුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් රථවාහන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ගයාන් කහටපිටිය මහතාගේ ප්‍රධානත්වයෙන් සැරයන් සංජීව (69124), කොස්තාපල් වරුන්වන ගමගේ (35236) සහ සයුරංග(94059) පරීක්ෂණ පවත්වති.

 

පොතුපිටිය සුමිත් ප්‍රේමතිලක සහ බණ්ඩාරගම බිමල් ජයසිංහ

නව අදහස දක්වන්න