අවිස්සාවේල්ල බාලදක්ෂ දිසාවේ ජනාධිපති බාලදක්ෂ ප්‍රදානය දිනා ගත් බාලදක්ෂ බාලදක්ෂිකාවන් 37 දෙනකුට පදක්කම් පැලඳවීම අවිස්සාවේල්ල දිසා බාලදක්ෂ කොමසාරිස් සුධර්මා එස්. මැණිකේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් (25) දින හංවැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
මෙහිදී හංවැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයීය ඉතිහාසයේ ප්‍රථම වරට බාලදක්ෂ බාලදක්ෂිකාවන් 30 දෙනෙක්ද, සීතාවක විවෘත (අවිස්සාවේල්ල) බාලදක්ෂ සමූහයේ සිසුන් 02ක් ද, මායාදුන්න විවෘත (කොස්ගම) බාලදක්ෂ සමූහයේ 01 සිසුවෙක් ද, රාජසිංහ විවෘත (සුදුවැල්ල) බාලදක්ෂ සමූහයේ සිසුන් 04ක් ද වශයෙන් සිසුන් 37 දෙනකුට ජනාධිපති බාලදක්ෂ පදක්කම් ප්‍රදානය කිරීම මෙහිදී සිදු කෙරුණි.
එම අවස්ථාවට හෝමාගම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ හේමන්ත ගමගේ, නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂිකා අනුපමා බණ්ඩාර, අවිස්සාවේල්ල බාලදක්ෂ දිසා කොමසාරිස් සුධර්මා එස්. මැණිකේ, විදුහල්පති ජගත් ප්‍රියශාන්ත සූරසේන, බාලදක්ෂ සංගමයේ (කොළඹ) සභාපති ඩේමියන් සිල්වා, අවිස්සාවේල්ල විධායක සභාවේ සභාපති කේ.පී. යසපාල යන මහත්ම මහත්මීහුද සහකාර කොමසාරිස්වරුන්ද පාසල් සමූහයේ විදුහල්පතිවරුන්ද දිස්ත්‍රික්කයේ බාලදක්ෂ බාලදක්ෂිකාවන්ද සහභාගි වූහ.
පාදුක්ක සමූහ - රෙක්සි වෙත්තසිංහ
නව අදහස දක්වන්න