නොලැබීමේ වගකීම විදුහල්පති ගත යුතුයි
- විභාග කොමසාරිස් ජනරාල්
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ 2022 (2023) විභාගයට අදාළ ප්‍රවේශපත්‍ර කඩිනමින් අපේක්ෂකයන් අතට දෙන්නැයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් විජේසුන්දර මහතා සියලු විදුහල්පතිවරුන්ගෙන් ඉල්ලීමක් කරයි.
විභාග ප්‍රවේශපත්‍ර කිසිදු හේතුවක් මත විදුහල්පතිවරුන් විසින් විභාග අපේක්ෂකයන්ට නොදී රඳවා තබා නොගත යුතු බවත්, කිසියම් අපේක්ෂකයකුට ප්‍රවේශපත්‍ර නොලැබීමෙන් විභාගයට පෙනී සිටීමට නොහැකි වුව හොත් එහි සම්පූර්ණ වගකීම විදුහල්පතිවරයා භාර ගත යුතු බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.
සාමාන්‍ය පෙළ විභාගය මේ මස 29 දා සිට ජූනි 8 දා දක්වා මධ්‍යස්ථාන 3568කදී පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. විභාග කාලසටහන ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk බාගත කරගත හැකිය. විභාගයට අදාළ කිසියම් ගැටලුවක් වේ නම් 1911 ක්ෂණික දුරකතන අංකයෙන් හෝ 0112784208, 0112784537, 0112785922, 0112786616 දුරකතන අංකවලින් දැනගත හැකිය.
නව අදහස දක්වන්න