නොතැන ගත් ඇමතුම විනෝද ගමන අවසන් ගමන කරයි | දිනමිණ

නොතැන ගත් ඇමතුම විනෝද ගමන අවසන් ගමන කරයි

මිය ගිය ලක්මාල් සහ මිය ගිය තිවංක

විනෝද චාරිකාවක යෑමට සූදානම් වී දුරකතන ඇමතුමක යෙදෙමින් දුම්රිය මාර්ගය දිගේ ගමන් කළ තරුණයන් දෙදෙනකු වඳුරව දුම්රිය ස්ථානය ආසන්නයේදී ඊයේ 25 පෙ.ව. 5.45ට පමණ දුම්රියක ගැටීමෙන් මරණයට පත්ව ඇති බව වේයන්ගොඩ පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ වේයන්ගොඩ වඳුරව ප්‍රදේශයේ පදිංචිව සිටි කවිෂ්ක ලක්මාල් නැමැති 18 හැවිරිදි තරුණයකු සහ එස්.ඒ. තිවංක නමැති 19 හැවිරිදි තරුණයෙකි. මියගිය තරුණයන් දෙදෙනාගේ නිවෙස් දුම්රිය මාර්ගය ආසන්නයේම පිහිටා තිබෙන අතර, විනෝද චාරිකාවක් යෑමට උදෑසන ම සූදානම් වී වඳුරව දුම්රිය ස්ථානය දෙසට දුම්රිය මාර්ගය ඔස්සේ දෙදෙනා පා ගමනින් ගොස් ඇතැයි මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළි වී ඇත. දෙදෙනා දුරකතන ඇමතුමක යෙදෙමින් ගමන් කරමින් සිටියදී ඔවුන්ගේ පිටුපසින් පැමිණිනි බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වූ ශීඝ්‍රගාමි දුම්රියේ ගැටී මේ අනතුර සිදුව ඇති බව විමර්ශනවලින් හෙළි වී ඇත. නියමිත මාර්ගයේ කොළඹ බලා දුම්රියක් ගමන් කරමින් තිබියදී බදුල්ල සිට කොළඹ බලා යන දුම්රිය පැමිණ ඇත්තේ අනෙක් දුම්රිය මාර්ගයේ බවද මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළි වී ඇත. එම මාර්ගයේ දුම්රියක් නොඑනු ඇතැයි යන විශ්වාසයෙන් තරුණයන් දෙදෙනා ගමන් කරන්න ඇතැයි පොලිසිය සැක පහළ කරයි.

අනතුරෙන් පසු මිය ගිය තරුණයන් දෙදෙනාගේ දේහයන් වේයන්ගොඩ දුම්රිය ස්ථානයට ගෙන එනු ලැබීය. සිද්ධිය සැලවීමෙන් පසු වේයන්ගොඩ පොලිසිය ඒ සම්බන්ධයෙන් අත්තනගල්ල මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා වෙත කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව මහෙස්ත්‍රාත්වරයාගේ නියෝගයෙන් වැඩබලන මහේස්ත්‍රාත් සම්පත් කස්තුරිරත්න මහතා විසින් සිද්ධිය පිළිබඳ මූලික මහේස්ත්‍රාත් පරීක්ෂණය හා ස්ථානීය පරීක්ෂණය පවත්වීමට පියවර ගැනිණි. මියගිය දෙදෙනාගේ දේහයන් වතුපිටිවල මූලික රෝහලේදී පශ්චාත් මරණ පරීක්ෂණයට ලක් කර, මරණයට හේතුව ලබා ගැනීමට අධිකරණ නියෝගය මත පොලිසිය කටයුතු කරමින් තිබිණි.

කොටදෙණියාව සමූහ එම්.පී. කුමාර, වේයන්ගොඩ විශේෂ 

 

නව අදහස දක්වන්න