මෙක්සිකෝවේ ගිනි කන්දක් සක්‍රිය වෙයි | දිනමිණ

මෙක්සිකෝවේ ගිනි කන්දක් සක්‍රිය වෙයි

මෙක්සිකෝවේ උසම ගිනි කඳු අතර දෙවැනි තැන ලබා ඇති පොපොකැටපෙට්ල් ගිනි කන්ද සක්‍රීය වෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මුහුදු මට්ටමේ සිට අඩි 17,797ක උසකින් යුතුව මෙක්සිකෝ සිටි අගනුවරට කිලෝමීටර් 96ක දුරින් පිහිටා ඇති පොපො කැටපෙට්ල් ගිනි කන්දෙන් මේ වන විට අළු සහ විෂ ගෑස් පැතිර යමින් පවතින බව ද වැඩිදුරටත් වාර්තා වේ. එම ගිනි කන්ද ලොව වඩාත්ම අනතුරුදායක ගිනි කන්දක් ලෙස සැලකෙන අතර, අවට පළාත් පුරා අළු හමා යෑම හේතුවෙන් ඒ අවට කිලෝමීටර් 70ක පමණ දුරක් ඇතුළත පදිංචිව සිටින මිලියන 25කට ආසන්න ජනතාවට ඉවත්වීමට සූදානම් වන ලෙස මෙක්සිකෝ බලධාරීන් දැනුම් දී තිබේ.

නව අදහස දක්වන්න