චීන අපනයනය සීමා කිරීමට අමෙරිකාවේ සහ යුරෝපා කොමිසමේ සැලසුමක් | දිනමිණ

චීන අපනයනය සීමා කිරීමට අමෙරිකාවේ සහ යුරෝපා කොමිසමේ සැලසුමක්

චීනයෙන් අපනයනය කරනු ලබන අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ සම්බන්ධව අපනයනය පාලනයක් ස්ථාපිත කිරීමට අමෙරිකාව සහ යුරෝපා කොමිසම මේ මස අග ස්වීඩනයේදී සාකච්ඡා පැවැත්වීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. අමෙරිකාවේ රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් සහ යුරෝපා කොමිසමේ උප සභාපති මාග්‍රේත් වෙස්ටැගර් ඇතුළු දෙපාර්ශ්වයේ ඉහළ නිලධාරීන් අතර මේ සාකච්ඡාව ස්වීඩනයේ ලුලීයා නුවරදි මේ මස 30 සහ 31 දෙදින සාකච්ඡා පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

එම සාකච්ඡාව දෙපාර්ශ්වය අතර අමෙරිකා- යුරෝපා කොමිසමේ වෙළෙඳ හා තාක්ෂණ කවුන්සිලයේ සිව්වැනි සැසිවාරය වන අතර, චීනය ගෝලීය ආර්ථිකයට බලපෑම් කිරීම සම්බන්ධව දීර්ඝ වශයෙන් සාකච්ඡා කරනු ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

ගෝලීය ආර්ථිකය චීනය මත අධික ලෙස රැඳී පැවැතීම අවම කිරීමේ අරමුණින් ගෝලීය සැපයුම් ජාලය සෙසු රටවල් අතර ව්‍යාප්ත කිරීමට ද එම සාකච්ඡාවේදී අවධානය යොමුවනු ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ.

 

නව අදහස දක්වන්න