සිඩ්නි නුවර සත් මහල් ගොඩනැඟිල්ලක ගින්නක් | දිනමිණ

සිඩ්නි නුවර සත් මහල් ගොඩනැඟිල්ලක ගින්නක්

ඔස්ට්‍රේලියාවේ නිව්සවුත්වේල්ස් ප්‍රාන්තයේ සිඩ්නි නුවර සත් මහල් ගොඩනැඟිල්ලක විශාල ගින්නක් හටගෙන ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය. ගින්න හටගෙන ඇත්තේ මධ්‍යම සිඩ්නි නුවර මිනිස් වාසයෙන් තොර ගොඩනැඟිල්ලක වන අතර, ගින්න පැතිර යෑමත් සමඟ ගොඩනැඟිල්ලේ කොටසක් කඩා වැටීමෙන් අවට ගොඩනැඟිලිවලට ද හානි සිදු වී ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ. ගින්න හටගැනීමත් සමඟ අවට ගොඩනැඟිලි රැසක පිහිටා ඇති කාර්යාලවලින් සේවක සේවිකාවන් ඉවත් කිරීමට ගිනි නිවන හමුදාව සහ පොලිසිය කටයුතු කර ඇති අතර, අවට ප්‍රදේශය පුරා අළු පැතිර යෑම හේතුවෙන් ප්‍රධාන මාර්ග කිහිපයක් වසා දැමීමට ද පියවර ගෙන තිබේ.

 

නව අදහස දක්වන්න