මේෂ
සුබසාධන කටයුතු රැසක්
තම ජීවිතයට තදින් බලපාන යහපත් කරුණක් සාර්ථක වේ. සමාජ සුබසාධන කටයුතු රැසක නිරත වීමට සිතයි.
වෘෂභ
ව්‍යාපාරික කටයුතු සාර්ථක වේ
තම ව්‍යාපාරික කටයුතු ඉදිරියට ගෙන යාමට හැකිවේ. ඉදිරිපත් වී තිබූ යෝජනාවකට අනුව විවාහ කටයුතු ද සඵල වේ.
මිථුන
මූල්‍ය ප්‍රතිලාභයක්
වන්දනා ගමනක් නිසා ඒ හා සම්බන්ධව කාර්යබහුල දිනකි. තම මවු පාර්ශ්වයේ අයකුගෙන් ලැබෙන මූල්‍ය පරිත්‍යාගයක් නිසා ඉදිරි ආර්ථික සැලසුමක් ක්‍රියාත්මක කෙරෙනු ඇත.
කටක
උරුමයකට බාධා
හුදෙකලා බව මත කාලය ගත කිරීමට සිදුවන අතර පිටරට ගමනක් ඊට බොහෝ විට හේතු විය හැක. තම දේපළකට උරුමයකට යම් බාධා පැමිණේ.
සිංහ
රැකියා ආර්තිකය සඵල වේ
රැකියා ආර්ථිකය සඵල වන අතරම පොදු රාජකාරි බහුල වේ. තම ජීවන ගමනට යම් යම් අයගේ සහාය අත දීම ලැබෙනු ඇත.
කන්‍යා
හදිසි නීති ගැටලුවක්
තම නීති ගැටලුවක් නිසා වැඩි වියදමක් දැරීමට සිදුවේ. එහෙත් ඒ වෙනුවෙන් ඔබ රාජකාරි ස්ථානයේ වගකිවයුතු පිරිසගේ ඒකරාශී වීම නිසා සහනශීලි බවක් දැනෙනු ඇත.
තුලා
ව්‍යාපාර කටයුතුවල දියුණුවක්
තම ව්‍යාපාර කටයුතු සාර්ථක වේ. කලින් සූදානම් කරගෙන සිටි සැලසුමකට අනුව ක්‍රියාත්මක වීම නිසා යහපත් අරමුණු රැසක් ජයගත හැක.
වෘශ්චික
බොහෝ තීරණ අසාර්ථක වේ
තම අභිවෘද්ධිය උදෙසා ගන්නා බොහෝ තීන්දු තීරණ අසාර්ථක වනු ඇත. ස්ථිර ලෙසට තමාට ඉදිරි ආර්ථික සඵලතාවක් පෙනෙන්නට තිබේ.
ධනු
ජලාශ්‍රිත උවදුරු
ඉදිරි අනාගතයට සාර්ථක ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කෙරේ. ජලාශ්‍රිත උවදුරු පෙනෙන නිසා කල්පනාකාරී වන්න.
මකර
අපකීර්ති සහගත තත්ත්වයක්
තමා කාලයක සිට අරමුණු කරගෙන ආ ව්‍යාපාරික කටයුත්තකට අත ගසයි. ඒ තුළින් සමාජයේ කිසියම් අපකීර්ති සහගත තත්ත්වයක් උදාවීමට පුළුවන.
කුම්භ
දරුවකු පිළිබඳ තිබූ ගැටලුවකට විසඳුම්
තමාට අඩුවක්ව තිබූ දරුවකු පිළිබඳ ගැටලුවට විසඳුම් ලැබේ. යම් තරමක පැසසුම් ලැබෙනු ඇත.
මීන
දුර බැහැර ගමන් බිමන්
දුර බැහැර ගමන් බිමන් යෙදෙන අතර තම අභිවෘද්ධිය උදෙසා ක්‍රියාමාර්ග රැසක් ගන්නවා ඇත. වාහන ලාභයකට හේතු වේ.
සුබසෙත හිටපු කර්තෘ ප්‍රවීණ ජ්‍යොතිෂ්‍ය වේදී අජිත් ධර්මසිරි
නව අදහස දක්වන්න