පහර දුන් තරුණෙයා් දෙදෙනා අත්අඩංගුවට
මාතර, වේරගම්පිට ප්‍රදේශයේ ළමයකුට කඩුවකින් පහරදුන් තරුණයන් දෙදෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව මාතර පොලිසිය පවසයි.
පෙරේදා (25) සවස 6.30ට පමණ මාතර, වේරගම්පිට අම්බලම අසලදී සරුංගලයක් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් දුරදිග යාම නිසා මෙම පහරදීම සිදු වී ඇති අතර කඩු පහරකෑමට ලක්වූ ළමයාගේ දකුණු අත වෙන්වී ගොස් ඇතැයි මාතර පොලිසිය ප්‍රකාශ කරයි.
කඩු පහරින් අතක් වෙන්වී බරපතළ තුවල ලබා ඇත්තේ මාතර, වේරගම්පිට ගල්හේන ලියනගේ දුමිල් කෞෂල්‍ය නමැති 16 හැවිරිදි ළමයෙකි.
තුවාලකරු මාතර මහ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරුකර යවා තිබේ.
සැකකරුවන් දෙදෙනා මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
අකුරැස්ස මධ්‍යම විශේෂ - විජිත සල්ගාදු
නව අදහස දක්වන්න