අම්බලන්ගොඩ ධර්මාශෝකයේ නි/ විදුහල්පතිට වෙඩි ප්‍රහාරයකින් තුවාල | දිනමිණ

අම්බලන්ගොඩ ධර්මාශෝකයේ නි/ විදුහල්පතිට වෙඩි ප්‍රහාරයකින් තුවාල

අම්බලන්ගොඩ රන්දොඹේ ප්‍රදේශයේ ඊයේ උදෑසන (26) සිදු වූ වෙඩි තැබීමකින් අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ නියෝජ්‍ය විදුහල්පතිවරයකු තුවාල ලබා ඇතැයි අම්බලන්ගොඩ පොලසිය ප්‍රකාශ කරයි.

යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනකු තැබූ වෙඩි පහරින් තුවාල ලැබූ මොහු වෙඩි පහර කාගෙනම තම යතුරුපැදියෙන්ම අම්බලන්ගොඩ පොලිසියට පැමිණි බව පොලිසිය කියයි.

මේ වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැත.

ගාල්ල දිස්ත්‍රික් සංචාරක - ධර්මදාස සිරිවර්ධන, අම්බලන්ගොඩ සමූහ

ආර්. ඤාණදාස, කරන්දෙණිය සමූහ - අනුරාධ ප්‍රියදර්ශන

 

නව අදහස දක්වන්න