ජාතික බිලියඩ් ශූරයා තාහා | දිනමිණ

ජාතික බිලියඩ් ශූරයා තාහා

ඔටෝ මොබයිල් සංගමයේ සභාපති ධම්මික ආටිගල මහතා අතින් එම්. තාහා ශූරතාව ලබාගත් අයුරු. ශ්‍රී ලංකා බිලියඩ් සහ සනූකර් සංගමයේ සභාපති සිහාම් හුසේන් මහතා ඇතුළු පිරිසක් මෙහි වෙති.

ශ්‍රී ලංකා බිලියඩ් සහ සනූකර් සංගමය විසින් සංවිධාන කළ 68 වැනි ජාතික බිලියඩ් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට එම්. තාහා සමත් විය.

තරගාවලියේ අවසන් මහ තරගයේදී රාමු 5-1කින් සුසන්ත වික්‍රම් පරාජය කිරීමට තාහාට හැකි විය.

ලංකා ඔටොමොබයිල් සංගමයේ (AAC) අනුග්‍රහය යටතේ පැවති තරගාවලියට සමගාමීව දිවංගත එම්.ජේ.එම්. ලෆීර් වසර 50කට පෙර ලෝක බිලියඩ් ශූරතාව දිනූ අවස්ථාවද සිහිපත් කෙරිණි.

තරගාවලියේ ත්‍යාග ප්‍රදානෝත්සවය ඔටෝ මොබයිල් සංගමයේ සභාපති ධම්මික ආටිගල මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි. එම අවස්ථාවට ශ්‍රී ලංකා බිලියඩ් සහ සනූකර් සංගමයේ සභාපති සිහාම් හුසේන්, ලේකම් කුමාර් ලැනරෝල්, අනුශාසකවරුන් වන සෆීක් රාජාබ්දීන්, සුරයිෂ් හසීම්, ඔටෝ මොබයිල් සංගමයේ උපසභාපතිවරුන් වන ආනන්ද දංගල්ල, කීර්ති ගුණවර්ධන, ලේකම් දේවප්‍රිය හෙට්ටිආරච්චි මහත්වරු සමඟ විධායක කමිටු සාමාජිකයන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

 

නව අදහස දක්වන්න