ඉන්දියානුවකු ඇතුළු 7ක් ලක්ෂ 300ක අයිස් එක්ක කල්පිටියේදී මාට්ටු | දිනමිණ

ඉන්දියානුවකු ඇතුළු 7ක් ලක්ෂ 300ක අයිස් එක්ක කල්පිටියේදී මාට්ටු

රුපියල් ලක්ෂ 300කට අධික වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ එම ජාවාරම මෙහෙයවු බව කියන මන්නාරම පදිංචි ප්‍රධාන ජාවාරම්කරුවකු සහ මෙම ජාවාරමේ නිරතව සිටි ඉන්දියන් ජාතිකයකු ඇතුළු සැකකරුවන් හත් දෙනෙකු ඊයේ (1) අලුයම කල්පිටිය පොලිස් විශේෂ කාර්යාංශ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත කල්පිටිය පොලිසියෙ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ මෙම ජාවාරම මෙහෙය වු ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන මන්නාරම පදිංචිකරුවකු හා ඉන්දියාවේ තමිල්නාඩුවේ පම්බන් ප්‍රදේශයෙ පදිංචි 38 හැවිරිදි සැකකරුවකු හා කල්පිටිය ආනවාසල සේම කුරුණැගල පදිංචි අවුරුදු 35 ත් 45 අතර සැකකරුවන් පිරිසක් බව කියයි.

කල්පිටිය පොලිසියෙ පොලිස් විශේෂ කාර්යාංශ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත කල්පිටියේ සිට අක්කරේපත්තුව දක්වා ගමන් කිරීම සඳහා සුදානම්ව තිබු බස් රථයක සිටි සැකකරුවකු සම්බන්ධයෙන් ලැබුණු තොරතුරක් මත සිදුකළ ප්‍රශ්න කිරීම්වලින් පසු අයිස් කිලෝවක් සමඟ අත්අඩංගුවට ගෙන ඇති බව කියයි.

පසුව මෙම සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලින් පසු අයිස් මත්ද්‍රව්‍ය රැගෙන යාමට පැමිණි සැකකරුවන් පිරිසක් ගමන් වෑන් රථයකින් ගමන් කරමින් සිටියදි කරඹ ප්‍රදේශයේ දී තවත් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ දෙකක් සමඟ අත් අඩංගුවට ගැනීමට හැකිවු බව පොලිසිය කියයි.

එම රථයෙ සිටි සැකකරුවන් පස් දෙනෙකු සමඟ අදාළ අයිස් කිලෝ දෙකක අත්අඩංගුවට ගෙන නැවත ප්‍රශ්න කිරීමේදි මෙම ජාවාරමේ ප්‍රධාන මහ මොළකරු බව කියන සැකකරු විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් මන්නාරම ප්‍රදේශයේදී ඊයේ (1) දහවල් අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව තිබිණි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් කලක් තිස්සේ මෙම ජාවාරම සිදුකර ඇති බවත් මොවුන් මෙම ජාවාරම සුක්ෂ්ම ලෙස සිදුකර ඇති බවටත් පොලිස් පරික්ෂණවලදී හෙළිව තිබේ.

අත්අඩංගුවට ගත් අයිස් මත්ද්‍රව්‍ය තොගය හා සැකකරුවන් පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබු අතර පුත්තලම නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතාගෙ උපදෙස් මත ඉහළ පොලිස් නිලධාරීන් පිරිසක් සමඟ කල්පිටිය පොලිස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිශාන්ත කුමාර මහතා සමඟ කල්පිටිය පොලිස් විශේෂ කාර්යාංශ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක මධුරංග,පොලිස් සැරයන් 61578 බණ්ඩාර පොලිස් ඇතුළු පිරිසක් පරීක්ෂණ සඳහා එක්ව සිටිති.

පුත්තලම අතිරේක-හිරාන් ප්‍රියංකර ජයසිංහ, කල්පිටිය-කේ. පද්මලතා හා මාරවිල සමූහ-මිහිර විජේසේකර

නව අදහස දක්වන්න