ජපානයේ තාක්ෂණික සේවාස්ථ පුහුණුවට ශ්‍රී ලාංකිකයෝ 12ක් | දිනමිණ

ජපානයේ තාක්ෂණික සේවාස්ථ පුහුණුවට ශ්‍රී ලාංකිකයෝ 12ක්

අනුර ප්‍රේමලාල්

ජපානයේ තාක්ෂණික සේවාස්ථ පුහුණුවට යෑමට නියමිත ශ්‍රී ලාංකිකයන් 12 දෙනෙකු වෙත ගුවන් ටිකට්පත් ප්‍රදානය කිරීම කම්කරු හා විදේශ රැකියා ඇමැති මනුෂ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

මේ පිරිස ජපානයේ තාක්ෂණික සේවාස්ථ පුහුණුව සඳහා යන 34 වන කණ්ඩායම වන අතර මේ කණ්ඩායමට සාත්තු සේවා පුහුණුලාභීන් 8 දෙනෙකු හා ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පුහුණුලාභීන් 4 දෙනෙකු අයත්ය.

ප්‍රවේශපත් ප්‍රදානය කිරීම ඉකුත්දා (31) කම්කරු අමාත්‍යාංශයේදී සිදු කෙරිණි. එම පුහුණුලාභීන් ඊයේ (01) ජපානය බලා පිටත්ව ගියහ.

ජපානයේ පිහිටි IM ජපන් ආයතනය හා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය අතර 2017 වසරේ ඇති කරගත් අවබෝධතා ගිවිසුමට අනුව තාක්ෂණික සේවාස්ථ පුහුණුලාභීන් ජපානය වෙත යොමු කරන අතර මේ වන විට පුහුණුලාභීන් 350කට අධික පිරිසක් තාක්ෂණික සේවාස්ථ පුහුණුව සඳහා යොමු කර ඇත. නියමිත පුහුණු කාලසීමාව සාර්ථකව අවසන් කර මෙරටට පැමිණි පුහුණුලාභින්, ව්‍යවසායකයන් කිරීමේ වැඩපිළිවෙළක්ද මේ පුහුණු වැඩසටහන යටතේ ක්‍රියාත්මකව පවතී.

 

නව අදහස දක්වන්න