ලෙනෝ - ලෙයා එක වහලක් යටට | දිනමිණ

ලෙනෝ - ලෙයා එක වහලක් යටට

කොවිඩ් සමයේ තාවකාලිකව අත්හිටුවූ ජාත්‍යන්තර සත්ත්ව හුවමාරු වැඩසටහන නැවත ඇරඹීමත් සමඟ පසුගිය ජනවාරි මස නෙදර්ලන්තයේ 'බෙස්ට්' සත්ත්වෝද්‍යානයෙන් දෙහිවල සතුන්වත්තට හිමි වූ 'ලෙනෝ' නම් ජගුවරයා සහ දෙහිවල සිටින නෙදර්ලන්තයේ 'ආටිස්ට්' නම් සත්ත්වෝද්‍යානයෙන් 2019 වසරේ මෙරටට හිමි වූ 'ලෙයා' නම් ජගුවර ගැහැනු සත්ත්වයා, එහි එකම නිවස්නයකට යොමු කිරීම ඊයේ (01) පෙරවරුවේ සිදු කෙරිණි. නෙදර්ලන්තයේ 'බෙස්ට්' සත්ත්වෝද්‍යානයෙන් මේ වසරේ ජනවාරි 26 දා දෙහිවල සතුන්වත්තට හිමි වූ 'ලෙනෝ' නම් ජගුවරයා එවකට දෙහැවිරිදි වියේ පසු වූ අතර, ඔහු වෙනුවෙන් මෙරටින් දඬුලේන් ජෝඩු දෙකක් 'බෙස්ට්' සත්ත්වෝද්‍යානයට පිරිනමනු ලැබීය. මේ වසරේ ආදරවන්තයන්ගේ දිනයදා පැවැත්වෙූ නම් තැබීමේ තරගයකදී දෙහිවල සත්ත්වෝද්‍යානයට පැමිණි දරුවකු විසින් 'ලෙනෝ' ලෙස එම ජගුවරයාව නම් කර තිබිණි.

සහකරුවකු නැතිව දිගුකලක් 'ලෙයා' නම් ජගුවර ගැහැනු සතා දෙහිවල සත්ත්වෝද්‍යානයේ කල් ගෙවූ අතර, ඊයේ (01) ඇයට සහකරුවකු හිමි වීම විශේෂත්වයකි.

කළු පැහැයෙන් යුතු 'ලෙයා' සමේ අධිකව මෙලනින් වර්ණකය නිෂ්පාදනය වීම නිසා ඉතා තද කළු පැහැයෙන් යුක්ත වීමද කැපී පෙනෙයි. මේ යුවළට දාව තවත් ජගුවර පැටවුන් රැසක් දෙහිවල සත්ත්වෝද්‍යානයට දායක කෙරෙනු ඇතැයි එම සත්ත්වෝද්‍යාන බලධාරීහු විශ්වාසය පළ කරති. මෙයට සමගාමිව දෙහිවල සත්ත්වෝද්‍යානයේ සත්ත්ව සංරක්ෂණ වැඩසටහන යටතේ සංරක්ෂණය කෙරෙන මැකෝ ගිරවුන් 30කට අධික පිරිසක් ජනතාවට දැක-බලා ගැනීමේ අවස්ථාවද ඊයේ (01) උදා විණි.

බුද්ධිකා ඉඹුලාන, දෙහිවල - ඩී.පී. හේරත් 
ඡායාරූපය - රුක්මාල් ගමගේ

නව අදහස දක්වන්න