|
2012-01-09
අධ්‍යාපන ලොක්කෝ සෙනසුරාදාත් වැඩ
අධ්‍යාපන ලොක්කෝ සෙනසුරාදාත් වැඩ
ඕ.ටී නෑ; වෙන දීමනාත් නෑ
සුභාෂිනි සේනානායක
සෑම සෙනසුරාදාවකම සේවයට පැමිණීමට අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් තීරණය කර තිබේ.
දැනුම කේන්ද්‍රීය කරගත් පාසල් පද්ධතියක් ඇති කිරීමට මේ තීරණය ගෙන ඇත. සෙනසුරාදා වැඩ
කිරීමට අතිකාල දීමනා හෝ වෙනත් මූල්‍ය ලාභ මේ වෙනුවෙන් ලබා නොගැනීමට ද ඔවුන් තීරණය
කර තිබේ.
උසස් නිලධාරීන් මෙවැනි තීරණයක් ගෙන ඇත්තේ 2012 වසරේ නිර්මාණය කරන පාසල් 6000
වෙනුවෙන් වැඩිපුර කැපවීමක් සිදු කිරීමට බව අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා
පැවසීය.
අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන්ගේ මෙම තීරණය අනිකුත් රාජ්‍ය ආයතනවලට ආදර්ශයක් බව ද
ඇමැතිවරයා කියා සිටියේ ය. හෝමාගම මහින්ද රාජපක්‍ෂ විදුහලේ ඉගැන්වීම් කටයුතු පස්වරු
3.30 දක්වා සිදු කෙරේ. තවත් පාසල් ගණනාවක් සවස් වන තුරු ඉගැන්වීම් සිදුකිරීමට ද
අනුමැතිය ඉල්ලා තිබේ.
මෙම විදුහල්වල විදුහල්පතිවරුන්, ගුරුවරුන් මෙම කැපවීම් කරන්නේ දරුවන්ගේ අනාගතය
යහපත් කිරීමට බව අවධාරණය කරන ඇමැතිවරයා, කිසිදු ගෙවීමක් නොලබා මෙම අතිරේක සේවාව ගරු
සේවාවක් පමණක් බව ද කීය.
|