|
කැබිතිගොල්ලෑවේ දී බස් රියක් කොටි ක්ලේමෝවකට හසුවෙයි
2007.12.06
කැබිතිගොල්ලෑවේ දී බස් රියක් කොටි ක්ලේමෝවකට හසුවෙයි
මඟීන් 15ක් මරුට
විසි තුනකට තුවාල අනුරාධපුර සිට ජනකපුර බලා ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයක් ඉලක්ක කර ගනිමින් කොටි
ත‍්‍රස්තවාදීන් කැබිතිගොල්ලෑව අභිමානපුර දාහතර කණුව අසල දී ඊයේ රාතී‍්‍ර 8.30 ට පමණ
අධි බලැති ක්ලේමෝ බෝම්බයක් පුපුරවා හැරීම නිසා සිවිල් වැසියන් පහළොස් දෙනෙකු
මියගොස් විසිතුන්දෙනකු පමණ තුවාල ලබා ඇතැයි ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය
මධ්‍යස්ථානයපවසයි. මියගිය පිරිස අතර කාන්තාවන් තිදෙනකු සහ පිරිමි දොළොස් දෙනකු පමණ සිටින බවද ජාතික
ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය ප‍්‍රකාශ කරයි. තුවාල ලැබූවන් කඩිනමින් කැබිතිගොල්ලෑව රෝහලට ඇතුළත් කැර තිබේ. ඉන් අසාධ්‍ය
තත්ත්වයෙන් පසුවන රෝගීන් අනුරාධපුර මහ රෝහලට මාරු කැර යවා ඇත.
උතුරේ සිදුවන
කි‍්‍රයාන්විත සාර්ථක මට්ටමක පවතින බැවින් ආරක්ෂක හමුදා අවධානය වෙනතකට යොමු කිරීමේ
අරමුණෙන් මෙම ප‍්‍රහාරය එල්ල කරන්නට ඇතැයි ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය
මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ලක්ෂ්මන් හුළුගල්ල මහතා සඳහන් කරයි. ක්ලේමෝ බෝම්බය පිපිරී යන විට බස්රථය මඟින්ගෙන් පිරී තිබී ඇත. බෝම්බයට බස්රථය ඉලක්ක
වූ අභිමානපුර කැබිතිගොල්ලෑව සිට හැතැප්ම නවයක් පමණ ඈතින් පිහිටි ප‍්‍රදේශයකි. සිද්ධිය සැල වූ සැනෙන් ආරක්ෂක හමුදාව හා පොලීසිය එම ස්ථානයට ගොස් පරීක්ෂණ කටයුතු
සිදුකළේය. සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ඊයේ රාති‍්‍රයේම මෙහෙයුමක් ආරම්භ
කළ බව හමුදා ප‍්‍රකාශක උදය නානායක්කාර මහතා දිනමිණට පැවසීය. මියගිය පිරිස අතර දිවයින කැබිතිගොල්ලෑව ප‍්‍රාදේශීය මාධ්‍යවේදී ඩබ්ලිව්. ගුණසිංහ
මහතාද වේ. ඒ මහතා විශ‍්‍රාමික කොට්ඨාශ අධ්‍යාපන අධ්‍යක්ෂවරයෙකි. මියගිය සෙසු පිරිස
කවුරුන්දැයි හඳුනා ගැනීමට ඥාති පිරිස් කැබිතිගොල්ලෑව රෝහල කරා පැමිණෙමින් සිටිති.
මියගිය පහළොස් දෙනාගේ සිරුරු මේ වන විට කැබිතිගොල්ලෑව රෝහලේ තැන්පත් කැර තිබේ. වාර්තා කළෝ - චන්ද්‍රිකා පෙරේරා, වෙල්ලස්සේ බණ්ඩාර, විජයානි එදිරිසිංහ, මහින්ද කුලතුංග, භක්ති ධර්මපි‍්‍රය මෙන්ඩිස්,
ආනන්ද පතිරාජ, කැබිතිගොල්ලෑව සමූහ, අනුරාධපුර සමූහ සහ වවුනියාව මධ්‍යම සමූහ
|