|
2009-02-21
යානය ගොඩනැඟිල්ලේ වැදී මහ හඩින් පිපිරී ගියා
යානය ගොඩනැඟිල්ලේ වැදී
මහ හඩින් පිපිරී ගියා
සිද්ධිය දුටු මාධ්‍යවේදියෙක් කියයි
ගුවන් හමුදාව හා යුද හමුදාව ප‍්‍රහාර එල්ල කරද්දී සැහැල්ලු ගුවන් යානාවක් විදුලි
බුබුළු 4ක් දල්වාගෙන ගමන් කරනවා දැක්කා.
මා ඒ දෙස බලාගෙන සිටියදී ට‍්‍රාන්ස් ඒෂියා, මහජන බැංකුව හා දේශීය ආදායම්
දෙපාර්තමේන්තුව අතරින් මහා පිපිරීමක් සමඟ ගිනි ජාලාවක් මතුවුණා යැයි සිද්ධිය ඇසින්
දුටු අප කර්තෘ මණ්ඩලයේ මාධ්‍යවේදියෙක් පැවැසීය.
රාති‍්‍ර 9.55 ට පමණ මම රාතී‍්‍ර ආහාරය ගනිමින් සිටියදී එකවරම ගුවන් හමුදාව හා යුද
හමුදාව වෙඩි ප‍්‍රහාරයන් අහසට එල්ල කරමින් සිටියදී මා වහාම ඉදිරියට පැමිණියා.
ඒ සමඟම මා දැක්කා විදුලි බුබුළු 4ක් දල්වා ගත් ගුවන් යානාවක් වැනි දෙයක් කොටුව
දුම්රිය පළ දෙසින් අප ලේක් හවුස් බේරේ වැව අසලින් පියාසර කරනවා.
එහිදී මම ගුවන් හමුදාව මෙන්ම යුද හමුදාව නොනවත්වාම වෙඩි ප‍්‍රහාරයන් අහසට එල්ල
කරනවා දැක්කා.
එකවරම මහජන බැංකුව හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අතරින් මහා පිපිරීමක් සිදුවුණා.
අවට ප‍්‍රදේශයට පස් කැබලි විසිවී මාගේ ඇඟටද විසිවුණා. මා වහාම එම දෙසින් ඉදිරියට
යද්දි ගුවන් හමුදාව මෙන්ම යුද හමුදාව විසින් අහසට වෙඩි තබනවා දැක්කා.
මා වහාම ලේක් හවුස් ප‍්‍රවාහන අංශය දෙසට එද්දී දේශීය ආදායම් දෙපාර්තමේන්තු
ගොඩනැගිල්ලේ යානය හැපී පුපුරා ගොස් ඇති බවත් කටුනායක දෙසට පැමිණි ගුවන් යානයත්
ගුවන් ප‍්‍රහාරයෙන් සුන්ව ගිය බවත් දැනගන්නට ලැබුණා යැයි හෙතෙම සිය අත්දැකීම් කර්තෘ
මණ්ඩලයට දන්වා සිටියේය.
සැකසුම: සඳමාලි මාවතගම
|