2011-07-04

මෙරට හාල්වල ආසනික් නෑ

වසර 35ක පරීක්ෂණයක් හෙළිකරයි

මෙරට හාල්වල ආසනික් නෑ

පේරාදෙණිය භූවිද්‍යා අංශය

ශරීරයට අහිතකර මට්ටමින් ආසනික් හෝ වෙනත් බැර ලෝහ මෙරට සහල්වල නොමැති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූවිද්‍යා අංශය මගින් කළ පර්යේෂණ මගින් තහවුරුවී ඇත.

සහල්, කුඹුරු ආශි‍්‍රත පස් හා වියළි කලාපයේ ජල සාම්පල ගෙන සිදු කළ පර්යේෂණ ගණනාවකින් මේ බව තහවුරු වූ බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා අංශයේ මහාචාර්ය අතුල සේනාරත්න මහතා පවසයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ සම්මතයන්ට අනුව ඕනෑම ආහාර ද්‍රව්‍යයක ආසනික් බැර ලෝහය අඩංගුවන්නේ නම් එය කිලෝග්රෑමයකට මයික්‍රොග්රෑම් 10ට වඩා අඩුවිය යුතු බවත් ශ්‍රී ලංකාවේ කිසිදු ප්‍රදේශයකින් එම අගයට වඩා ඉහළ අගයක් සහිත ආහාර ද්‍රව්‍ය හෝ ජලය හමු නොවූ බවත් ඒ මහතා කීය.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූවිද්‍යා අංශය මගින් දැනට වසර 35ක පමණ සිට අදාළ පරීක්‍ෂණ සිදුකරන බවත් මේ නිසා සහල් පරිභෝජනය කිරීමට ජනතාව අනියත බියක් ඇතිකර නොගත යුතු බවත් සේනාරත්න මහතා පවසයි.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා