2009-10-11

රාජ්‍ය අය - වැය ලේඛනය සහ අතුරු සම්මත ගිණුම

රාජ්‍ය අය - වැය ලේඛනය සහ
අතුරු සම්මත ගිණුම
 

වෙළෙඳ අලෙවි සංවර්ධන සමූපකාර හා පාරිභෝගික සේවා
අමාත්‍ය බන්දුල ගුණවර්ධන

ම් නිශ්චිත අනාගත මුදල් වර්ෂයක් සඳහා රජය සැලසුම් කළ පුනරාවර්තන සහ ප්‍රාග්ධන වියදමක් අපේක්ෂිත ආදායමත් පිළිබඳව රාජ්‍ය අධිකාරිය දක්වන

ලිඛිත මූල්‍යමය ඇස්තමේන්තුවකි අය වැය ලේඛනය. සාමාන්‍යයෙන් අය - වැය ලේඛනයක් කරන්නේ මුදල් වර්ෂය ආරම්භ කිරීමට පෙරාතුවය.

වර්තමාන ශ්‍රී ලංකාවේ රාජ්‍ය මූල්‍ය කටයුතු සඳහා මුදල් වර්ෂය ලෙස සැලකෙන්නේ ජනවාරි පළමු වැනිදා සිට දෙසැම්බර් 31 දක්වා වූ කාල පරිච්ඡේදයයි.

ඒ නිසා මුදල් වර්ෂය ආරම්භ කිරීමට ප්‍රථම නොවැම්බර් මාසයේ දී විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට පළමුවැනි, දෙවැනි, තෙවැනි කියවා මුදල් වර්ෂය ආරම්භ කිරීමට ප්‍රථම අය - වැය ලේඛනය සම්මත කර ගත් විට එය රටේ ලිඛිත නීතියක් බවට පත් වේ.

ඉකුත් සතියේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඇඹිලිපිටියේ දී රැස්වූ කැබිනට් මණ්ඩලය 2010 ය මුදල් වර්ෂය සඳහා අය වැය ලේඛනයක් ඉදිරිපත් කරන තෙක් රජයේ ඒකාබද්ධ අරමුදලින් මුදල් - වැය කිරීමට පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගැනීම සඳහා අතුරු සම්මත ගිණුමක් සම්මත කැර ගැනීමට තීරණය කරනු ලැබීය. මෙකී කැබිනට් තීරණය ප්‍රකාශයට පත් කළ සැනින් රාජ්‍ය මූල්‍ය පිළිබඳ විෂයානු බද්ධ අවබෝධය ඉතා අවම මට්ටමක පවතින විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් මේ අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ කොන්දේසියක් වන බවට ප්‍රසිද්ධ ජන සන්නිවේදන මාධ්‍ය හරහා ප්‍රකාශ කළේ ය.

මෙය අවශ්‍යයෙන් ම පදනම් විරහිත විකාරරූපී හුදු සම්පප්‍රලාපයකි. මක්නිසාද යත් 1931 රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සිට මේ දක්වා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට අතුරු සම්මත ගිණුම් නවයක් පමණ විටින් විට ඉදිරිපත් කර ඇත.

මේ අතුරු සම්මත ගිණුම් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙළේ අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ කොන්දේසියකට අනුව දැයි අසා දැන ගත යුතු ය. චොක්සි හිටපු මුදල් ඇමැතිතුමා ඒ බව සනාථ කළ හොත් විපක්ෂ මන්ත්‍රී තුමාගේ ප්‍රකාශයක් බවට පත්වේ. එසේ නැතිනම් එම ප්‍රකාශය සම්පප්‍රලාපයක් බව සලකා නිෂ්ප්‍රභා වේ.

අතුරු ගිණුම් සම්මත කිරිමට තීරණය කිරීමෙන් පසුව 2010 වර්ෂයට අය - වැය ලේඛනයක් ඉදිරිපත් නොකරන බව ඇතැම් මාධ්‍ය මගින් ප්‍රකාශ කොට ඇත. එය ද සාවද්‍ය ප්‍රකාශයකි.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ රජය අවශ්‍යයෙන් ම 2010 සඳහා අය - වැය ලේඛනයක් ඉදිරිපත් කරනු ලබයි. ඒ පාර්ලිමේන්තුවේ ගමන් මග වෙනස් කරමින් සුවිශාල බහුතර ආණ්ඩු පක්ෂ මන්ත්‍රී සංඛ්‍යාවකින් ශක්තිමත් පාර්ලිමේන්තුවක් අලුතින් නිර්මාණය කරන බවට කිසිවකු තුළ සැකයක් නැත.

පුරා වසර 30 කුරිරු යුද්ධය නිමා කිරීමෙන් පසුව විප්ලවීය ආර්ථික සංවර්ධනයකට අවශ්‍ය විශ්මිත යෝජනා රැසකින් සමන්විත නව අය - වැය ලේඛනයක් 2010 වසර වෙනුවෙන් ඉදිරිපත් කෙරෙනු ඇත. එහෙත් රජයේ පුනරාවර්තන වියදම් සහ ප්‍රාග්ධන වැය ඒකාබද්ධ අරමුදලින් දැරීම සඳහා අතුරු සම්මත ගිණුම ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් වේ.

මෙසේ අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කිරීමට සිදුව ඇත්තේ මන්දැයි විමසා බැලීම වැදගත් ය. වර්තමාන පාර්ලිමේන්තුවේ නිල කාලය අප්‍රියෙල් මස වනවිට අවසන් වේ. එනම් මේ පාර්ලිමේන්තුවට ජනතාව විසින් මූල්‍ය කටයුතු සඳහා බලය පවරා ඇත්තේ 2010 අප්‍රියෙල් දක්වා පමණි.

2010 වර්ෂය ආරම්භයේ සිට මාස හතරකට පමණක් රාජ්‍ය මූල්‍ය පිළිබඳව බලය පැවැරුනු රජයක් ඉන් ඔබ්බට ගිය මාස අටක් සඳහා ද මුදල් වෙන්කර ගැනීම රාජ්‍ය මූල්‍ය කළමනාකරණයෙහිලා ඇතැම් ගැටලු මතුකරයි. උදාහරණ ලෙස ඊළඟට පත්වන මහින්ද රාජපක්ෂ රජයේ අමාත්‍යංශ සංඛ්‍යාව වෙනස් විය හැකි ය.

එසේ ම අමාත්‍යංශවලට අයත් විෂය පථයන් ද වෙනස් විය හැකි ය. විෂය පථයන් වෙනස් වනවිට වැය ශීර්ෂ අනුව බෙදා වෙන්කොට ඇති මුදල වෙනස් වන තත්ත්වයක් අවශ්‍ය

වෙනස් කරන විට අවුල් සහගත තත්ත්වයක් නිර්මාණය විය හැකි ය.

ඒ නිසා නව රජයක් පිහිටුවීමට බලාපොරොත්තුවෙන් මැතිවරණ හෝ ජනමත විචාරණ පැවැත්වීමට ආසන්න කාලයේදී අය වැය ලේඛනය ඉදිරිපත් නොකොට අතුරු සම්මත ගිණුමක් සම්මත කර ගැනීම වඩා යෝග්‍ය බව රාජ්‍ය මූල්‍ය විශේෂඥයන්ගේ මතයයි. බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු සම්ප්‍රදායයත් එයයි. අප කැමැති වුවත් අකමැති වුවත් ශ්‍රී ලංකා පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුගමනය කරන්නේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු සම්ප්‍රදායයි.

අතුරු සම්මත ගිණුමක් සම්මත වීමෙන් පසුව අය වැය ලේඛනයක් ඉදිරිපත් කරන තෙක් රාජ්‍ය වියදම් දැරීම පිළිබඳ කිසිදු ගැටලුවක් මතු වන්නේ නැත.

රාජ්‍ය සේවක වැටුප් ගෙවීම්, විශ්‍රාම වැටුප් ගෙවීම්, රාජ්‍ය ණය සඳහා පොළී ගෙවීම්, සුබ සාධන වියදම් හා වර්තන වියදම් පැවැරුම් සහ වෙනත් භාණ්ඩ සහ සේවා මිලදී ගැනීම් සඳහා වන වර්තන වියදම් දැරීමටත්, ණය ආපසු ගෙවීම් ඇතුළු ප්‍රාග්ධන වියදම් දැරීමටත්, හැකියාව ලැබෙන්නේ පාර්ලිමේන්තුව විසින් අතුරු සම්මත ගිණුම සම්මත කිරීමෙන් පසුව ය. ඒ නිසා අතුරු සම්මත ගිණුම ද අය වැය ලේඛනය මෙන් ම රටට වැදගත් වන අතර අය - වැය ලේඛනයට විකල්ප වන්නේත් මෙම අතුරු සම්මත ගිණුමයි.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා