|
2011-02-01
2018 පොදුරද මඩුලු ක්‍රීඩා උළෙලේ නිල ලාංඡනය එළි දක්වයි
2018 පොදුරද මඩුලු ක්‍රීඩා උළෙලේ
නිල ලාංඡනය එළි දක්වයි
ධනුෂ්ක ගොඩකුඹුර
ශ්‍රී ලාංකේය ක්‍රීඩා ඉතිහාසයේ ස්වර්ණමය සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් "පොදු
රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල" 2018 දී හම්බන්තොටට ලබා ගැනීමේ ප්‍රයත්නයේ මුල් පියවර
වශයෙන් එහි නිල ලාංඡනය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ
මන්දිරයේදී ඊයේ (31) එළි දැක්විණ.
එක් වූ දෑත් අටකින් සමන්විත මේ නිල ලාංඡනය ශ්‍රී‍්‍ර ලංකාවට ආවේණික වූ හෘදයාංගම
පිළිගැනීම සංකේතවත් කරයි. "පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල හම්බන්තොට 2018" මහා
ක්‍රීඩා මංගල්‍යයේ තේමාව වන "එක්ව හදවතින්ම" යන්න වඩාත් අර්ථවත් කරයි. යුද්ධය
නිමාවීමත් සමඟම සංවර්ධනයේ කැපී පෙනෙන වෙනසකට භාජනය වෙමින් පවතින අප රට ක්‍රීඩාවේ
ලබන්නා වූ විශිෂ්ටත්වය වෙනුවෙන් පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල හම්බන්තොට පැවැත්වීම
වඩාත් පිටිවහලක් වනු ඇත.
පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල දිනා ගැනීමේ ප්‍රයත්නයට එක්ව සිටින රටවල් අතර
කුඩාම රට අප වුවත් දියුණු රටවලට වඩා ධෛර්යෙනුත් කැප කිරීම්වලිනුත් අප ඉදිරියෙන්
සිටින බව මෙහිදී සපථ කෙරිණි.
2018 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සංවිධායක කමිටුවේ සම සභාපති ක්‍රීඩා ඇමැති
මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ් අතින් මෙහි නිල වෙබ් අඩවිය වන
www.hambantota2018.com වෙබ් අඩවිය ද මෙහිදී එළි දැක්විණි.
|