|
2009-06-11
ඩෙංගු රෝගීන් 8648 යි මරණ 124යි
ඩෙංගු රෝගීන්
8648 යි මරණ
124යි
ඩෙංගු රෝගයෙන් පීඩා විඳින්නන්ගේ ගණන අටදහස් හයසිය හතළිස් අටක් දක්වා ඉහළ ගොස් ඇතැයි
වසංගත රෝග විද්‍යා අංශය පෙන්වා දෙයි.
රෝගය වැළඳීමෙන්, මියගිය ගණන එකසිය විසි හතරක් (124) වන අතර කොළඹ ප‍්‍රදේශයෙන් පමණක්
රෝගීන් දහතුන් දෙනෙක් මියගොස් ඇතැ’යි ද එම අංශයේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය පබා
පලිහවඩන මහත්මිය කීවා ය. කොළඹ ප‍්‍රදේශයෙන් ඩෙංගු රෝගීන් එක්දහස් තුන්සිය හතළිස්
තුන් දෙනෙකු වාර්තා වී ඇති අතර එයින් දහතුන් දෙනෙක් මරණයට පත් වී තිබේ.
කොළඹ, නුවර,
කෑගල්ල සහ ගම්පහ ප‍්‍රදේශවල වැඩිම රෝගීන් ප‍්‍රමාණයක් වාර්තා වී ඇති බව ප‍්‍රකාශ කර
සිටින වෛද්‍ය පබා මහත්මිය මදුරු මර්දන කටයුතු දිගටම සිදු කෙරෙන බැවින් ඉදිරි සති
කීපය ඇතුලත ඩෙංගු රෝගීන් වාර්තා වීමේ ප‍්‍රතිශතය අඩුවිය හැකි බවද කීවා ය.
මේ අතර පසුගිය සති අන්තයේ කොළඹ ප‍්‍රදේශයේ පමණක් නිවෙස් දහඅට දහස් හයසිය හතළිස්
පහක් පරීක්ෂාවට ලක් කරනු ලැබූ බවත් මෙම සති අන්තයේදී තවත් නිවෙස් දස දහසක් පමණ
පරීක්ෂාවට ලක් කෙරෙන බවත් කොළඹ නගර සභා ජන සෞඛ්‍ය ඒකකයේ ප‍්‍රධාන වෛද්‍ය නිලධාරි
ප‍්‍රදීප් කාරියවසම් මහතා ප‍්‍රකාශ කෙළේ ය.
මේ අතර කොළඹ නගරය සුද්ද පවිත‍්‍ර කිරීමේදී කොළඹ ජාතික රෝහලේ සහ රෝහල අසල ස්ථාන
කීපයකින්ම මදුරුවන් බෝකරන ස්ථාන හඳුනා ගෙන තිබෙන බව ප‍්‍රකාශ කර සිටින ඒ මහතා
රෝහල්ගත කර ඇති පුද්ගලයන් කීප දෙනෙකුටම ඩෙංගු රෝගය වැළඳී සිටි බවද ප‍්‍රකාශ කළේ ය.
රමණි පේර්මතිලක බෝගොඩ
සැකසුම : සඳමාලි මාවතගම
|