|
2011-04-07
උත්සව සමයේ එළවළු මිල ඉහළ දැමීමේ කුමන්ත්‍රණ
උත්සව සමයේ එළවළු මිල
ඉහළ දැමීමේ කුමන්ත්‍රණ
ඇමැති ජෝන්ස්ටන් හෙළි කරයි
විජයානි එදිරිසිංහ
උත්සව සමයේ දී එළවළු මිල ඉහළ දැමීමට ඇතැම් කූට වෙළඳුන් උත්සාහ කරන බැවින් ආර්ථික
මධ්‍යස්ථානවලින් පමණක් එළවළු මිල දී ගන්නා ලෙස ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා
මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
ආර්ථික මධ්‍යස්ථානවල එළවළු මිල ඉතාමත් අඩුය. කිසිදු හිඟයකින් තොරව එළවළු ලබාගැනීමට
තොග අවශ්‍ය තරම් තිබෙන බව ද ඇමැතිවරයා ප්‍රකාශ කළේය.
මේ අතර තඹුත්තේගම, දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානවලට යාපනය, වවුනියාව ප්‍රදේශයෙන් දිනකට
එළවළු කිලෝ පන්දහසකට වැඩි ප්‍රමාණයක් ලැබෙමින් පවතී.
ඇතැම් තොග අලෙවි කර ගැනීමට නොහැකි තරම් තිබිය දී එළවළු මිල වැඩි යැයි ප්‍රකාශ කරන
කොටස් රජයට එරෙහි, කුමන්ත්‍රණකාරී කණ්ඩායම්වල සහයෝගය දෙන අය බව ද ඇමැතිවරයා පවසයි.
|