|
2008-07-09
කාන්තාවකට අතවර කළ බවට සැක චීවරධාරියා රක්ෂිත බන්ධනාගාරයට
කාන්තාවකට අතවර කළ බවට සැක
චීවරධාරියා රක්ෂිත බන්ධනාගාරයට
කාන්තාවකට බරපතළ ලෙස ලිංගික අපයෝජනය සිදුකළ බවට සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට
ඉදිරිපත් කළ චීවර ධාරියෙක් ලබන 22 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ
කොටුව මහේස්ත‍්‍රාත් නාමල් බණ්ඩාර බලල්ලේ මහතා ඊයේ (08) නියෝග කෙළේ ය.
නාරම්මල ප‍්‍රදේශයේ විහාරස්ථානයක වැඩවසන බව කියන කොටුවැල්ලේ වනරතන නමැති චීවර
ධාරියා එසේ රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.
විශ්ව විද්‍යාලයක කථිකාචාර්යවරියක් විසින්
ළමා හා කාන්තා මූලස්ථානයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක අමිල ප‍්‍රභාත් මහතා වෙත කළ
පැමිණිල්ලක් මත පරීක්ෂණ පවත්වා මෙම සැකකාර චීවරධාරියා අත්අඩංගුවට ගෙන තිබිණි.
පැමිණිලිකාරිය ඉන්දියාවේ වැඩිදුර අධ්‍යාපනය හැදෑරීම සඳහා ගොස් සිටින වකවානුවේ මෙම
සැකකාර හිමිනම දැන හැඳිනගෙන ඇති බව කියයි.
මෙම චීවරධාරියා තමා සමඟ පේර්ම සම්බන්ධතාවක් ඇති කැර ගැනීම සඳහා නිතර උත්සාහ කළ
බවත් එය ව්‍යාර්ථ වූ පසු තමා සමඟ තරහකින් පසු වූ බවත් පැමිණිලිකාර කථිකාචාර්යවරිය
සිය පැමිණිල්ලෙන් පවසා ඇත.
හිමිනමගේ බල කිරීම මත මෙම හිමිනම මුණගැසීම සඳහා
කථිකාචාර්යවරිය කොළඹ ප‍්‍රදේශයේ විහාරස්ථානයකට පැමිණ ඇති අතර එහි දී සැකකාර හිමිනම
ඇය බරපතල ලෙස ලිංගික අපයෝජනයට ලක්කැර ඇති බව පවසයි.
සිද්ධිය සම්බන්ධව ළමා හා කාන්තා මූලස්ථානය වැඩිදුරටක් පරීක්ෂණ පවත්වයි.
කුමුදු හෙට්ටිආරච්චි
|