|
2008-06-27
ටී. මහේෂ්වරන් ඝාතනය:
ටී. මහේෂ්වරන් ඝාතනය:
සැකකරුවන්
තිදෙනකු
නිදහස් කරයි
කොළඹ දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර ටී. මහේෂ්වරන් මහතා ඝාතනය කිරීමේ
සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන සිටි සැකකරුවන් තිදෙනකු නීතිපතිවරයා ගේ උපදෙස් මත
මුදා හරින ලෙස කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් රවීන්ද්‍ර පේර්මරත්න මහතා ඊයේ (26)
නියෝග කෙළේ ය.
රිමාන්ඩ් භාරයට පත් කැර සිටි ප‍්‍රැන්සිස් සුදර්ශන්, පෙරුමාල් ප‍්‍රදීපන් හා
සන්දනම් පි‍්‍රයදර්ශනී යන සැකකරුවන් තිදෙනා මෙසේ නිදහස් කෙරිණි.
මහේෂ්වරන් මහතා ඝාතනය කිරීමට අදාළව මෙම සැකකරුවන් තිදෙනාට එරෙහිව තවදුරටත් නීති
මගින් කටයුතු නොකරන බව නීතිපති වරයා දී ඇති උපදෙස් මත මොවුන් මුදාහරින ලෙස කොළඹ
අපරාධ කොට්ඨාසයේ පොලිස් පරීක්‍ෂක ආර්. එම්. ඒ . රාජපක්‍ෂ මහතා අධිකරණයෙන් ඉල්ලා
සිටියේය.
නීතිපතිවරයා ගේ උපදෙස් සහිත ලිපිය පසුගිය 10 දිනැතිව අධිකරණය වෙත එවා ඇති බව
රාජපක්‍ෂ මහතා දන්වා සිටියේය. මෙම ඝාතනයට අදාළව පළමු සැකකාර කොලින් වැලැන්ටිනෝ
නමැති සැකකරු ට එරෙහිව මහාධිකරණය හමුවේ නඩු පවරා ඇත.
නීතිඥ මර්වින් එන් . ද සිල්වා මහතා කළ ඉල්ලීමක් පිළිගත් අතිරේක මහේස්ත‍්‍රාත් වරයා
මුදා හරින ලද ප‍්‍රදීපන් හා පි‍්‍රයදර්ශනි යන සැකකාර යුවල අත්අඩංගුවට ගන්නා
අවස්ථාවේදී ඔවුන්ගේ භාරයේ තිබී ලබා ගත් භාණ්ඩ ඔවුන්ට යළි ලබා දෙන ලෙස නියම කෙළේය.
මෙහි පළමු සැකකරු ලබන 3 වැනි දින යළි අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස නියෝග කෙරිණි.
රන්ජිත් පද්මසිරි
|