|
2008-01-11
කි‍්‍රකට් පිටියේ අමරණීය සටහන් තැබූ මුරලිට පාර්ලිමේන්තුවේදී ජාතියේ උපහාර
කි‍්‍රකට් පිටියේ අමරණීය සටහන් තැබූ මුරලිට
පාර්ලිමේන්තුවේදී ජාතියේ උපහාර
ශී‍්‍ර ලංකා කී‍්‍රඩා ක්ෂේත‍්‍රයේ හා පාර්ලිමේන්තු ඉතිහාසයේ අමරණීය මතක සටහනක්
තබමින් ටෙස්ට් කි‍්‍රකට් වංශ කතාවේ වැඩිම කඩුලු ලාභියා ලෙස ලෝක පූජිත වූ
මු‍්‍රත්තයියා මුරලිදරන්ට පාර්ලිමේන්තුවේදී ජාතියේ උපහාර පිරිනැමිණි.
මව්බිමට කීර්තියක් ගෙන දෙමින් දස්කම් දැක්වූ මුත්තයියා මුරලිදරන් සමඟ ශී‍්‍ර ලංකා
කි‍්‍රකට් පිලද 1996 ලෝක කුසලානය දිනාගත් කණ්ඩායමේ කි‍්‍රකට් කී‍්‍රඩකයන්ද ඊයේ
පෙරවරු 11.50 ට කතානායකතුමාගේ ගැලරියේ අසුන් ගැනීමෙන් අනතුරුව උණුසුම් පිළිගැනීමක්
පැවැත්විණි.
 ශී‍්‍ර ලංකා
කි‍්‍රකට් නායක මහේල ජයවර්ධන හා මුත්තයියා මුරලිදරන් සමඟ කතානායක වි.ජ.මු.
ලොකු බණ්ඩාර මහතා.
ඡායාරූප සුදත් මලවීර |
කතානායක වි.ජ.මු ලොකුබණ්ඩාර මහතා විසින් මුත්තයියා මුරලිදරන් ඇතුළු
ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කී‍්‍රඩකයන් පාර්ලිමේන්තු රැස්වීමේදී නිල වශයෙන් පිළිගැනීමකට
ලක් කිරීමෙන් අනතුරුව අග‍්‍රාමාත්‍ය රත්නසිරි වික‍්‍රමනායක මහතා මුරලිදරන්ගේ හා
ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කී‍්‍රඩකයන්ගේ දක්ෂතා ඇගයීමකට ලක් කළේය.
‘මුරලිදරන් ශී‍්‍ර ලංකාවට කීර්තියක් ගෙන දෙමින් වාර්තා පිට වාර්තා බිහිකළා.
කි‍්‍රකට් ක්ෂේත‍්‍රයෙන් තව තවත් ජය ලැබීමට සියලු දෙනා එක්ව සුබ ප‍්‍රාර්ථනා
කරනවා’’ යැයි අග‍්‍රාමාත්‍ය රත්නසිරි වික‍්‍රමනායක මහතා පැවැසීය.
අනතුරුව විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා සුබ පැතුම් එක් කළේය. ‘’මුරලිගේ
දක්ෂතා පිළිබඳ මුළු රටම සතුටට පත් වෙනවා. ඔහුට විශේෂ සුබ පැතුම් එක් කිරීමට මෙය
අවස්ථාවක් කර ගන්නවා’’ යැයි වික‍්‍රමසිංහ මහතා කීය.
මුත්තයියා මුරලිදරන්ට උපහාර දැක්වීමේ විශේෂ අවස්ථාව පාර්ලිමේන්තුව නියෝජනය කරන
සියලු පක්ෂ නායකයන්ගේ අදහස් දැක්වීම් වලින් අර්ථවත් විය.
 අග‍්‍රාමාත්‍ය
රත්නසිරි වික‍්‍රමනායක මහතා විසින් මුත්තයියා මුරලිදරන්ව උණුසුම් ලෙස
පිළිගනිද්දී. එම අවස්ථාවට එක්වූ විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ,
පාර්ලිමේන්තු මන්තී‍්‍ර විමල් වීරවංශ, ගාමිණී ජයවික‍්‍රම පෙරේරා, හා
නියෝජ්‍ය කතානායක ගීතාංජන ගුණවර්ධන යන මහත්වරු |
මෙයට අමතරව 1996 දී ලෝක කි‍්‍රකට් කුසලානය දිනාගත් ශී‍්‍ර ලංකා පිලේ නායක හා වත්මන්
ශී‍්‍ර ලංකා කි‍්‍රකට් අතුරු කමිටු සභාපති පාර්ලිමේන්තු මන්තී‍්‍ර අර්ජුුන රණතුංග
මහතා ද අදහස් දැක්වීය. ‘’මා අද පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයෙකු ලෙස මුරලිදරන් ගැන කතා
කරන්නේ එදා ලෝක කුසලාන ජය ලැබූ කණ්ඩායමේ එකට සිටි අයෙකුද වූ නිසා අසීමිත සතුටකින්.
මුරලිදරන් ද්‍රවිඩ ජාතිකයෙකු වුවත් කී‍්‍රඩා පිටියේ නොයෙක් ප‍්‍රශ්න පැමිණි විට
සියලු ලංකාවාසීන් ඔහු සමඟ සිටියා. මුරලිගේ ජයග‍්‍රහණ ශී‍්‍ර ලංකාවාසීන්ගේම
ජයග‍්‍රහණයක් සේ සලකනවා’’ යැයි අර්ජුන රණතුංග මහතා කීය.
මෙම සුබ පැතුම් වලින් අනතුරුව මුත්තයියා මුරලිදරන් ඇතුළු කි‍්‍රකට් කී‍්‍රඩකයන්ට
දිවා භෝජන සංග‍්‍රහයක් පිරිනැමුණි. මෙම අවස්ථාවට සියලු පක්ෂ නායකයන් හා
පාර්ලිමේන්තු මන්තී‍්‍රවරු පිරිසක්ද සහභාගී වූහ. දිවා භෝජන සංග‍්‍රහයෙන් පසු
කතානායකතුමා විසින් විශේෂ සමරු ඵලකයක් ප‍්‍රදානය කිරීම යෙදී තිබුණි.
මෙම සුවිශේෂී සිදුවීම පාර්ලිමේන්තු ඉතිහාසයේ ප‍්‍රථම වරට කී‍්‍රඩකයෙකුට උපහාර
දැක්වීමේ අවස්ථාවක් ලෙස ඉතිහාසයට එක්විය.
පි‍්‍රන්ස් ගුණසේකර
සුන්දර මොහොතක
අසුන්දර සිද්ධියක්
පාර්ලිමේන්තුවේ දී ජාතියේ උපහාර පිරිනැමුණු මුත්තයියා මුරලිදරන් වෙත විශේෂ සමරු
ඵලකය ප‍්‍රදානය කිරීමේ අවස්ථාව දැක බලා ගැනීමට හෝ රූප ගත කිරීමට මාධ්‍යවේදීන්ට
අවස්ථාවක් නොලැබුණි.
සමරු ඵලකය ප‍්‍රදානය කිරීමට සූදානම් කොට තිබූ ශාලාවෙන්
මාධ්‍යවේදීන්ට ඉවත්ව යන ලෙස එහි පරිපාලනය භාර උසස් නිලධාරියෙකු පැවැසීම නිසා මෙම
අවස්ථාව මග හැරී ගියේය.
“කි‍්‍රකට් කණ්ඩායම හා ප‍්‍රභූවරුන් කෑම කාලා ඉවර වෙනතුරු එළියට යන්න” එම නිලධාරියා
නියම කළේය. දිවා භෝජන සංග‍්‍රහය නිමාවීමට බොහෝ වේලාවක් ගතවන හෙයින් මෙම නියෝගයට
විරෝධය පා මාධ්‍යවේදීහු පාර්ලිමේන්තු සංකීර්ණයෙන් ඉවත් ගියහ.
පි‍්‍රන්ස් ගුණසේකර
|
|