|
2008-02-15
මඩකළපුව පළාත් පාලන මැතිවරණය පැවැත්වීම නැඟෙනහිර ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු
කරවන්නක්
මඩකළපුව පළාත් පාලන මැතිවරණය පැවැත්වීම
නැඟෙනහිර ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කරවන්නක්
ෆැපරල් සංවිධානය කියයි මඩකලපුව දිස්ති‍්‍රක්කයේ පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට රජය කි‍්‍රයා කිරීමෙන් එම
ප‍්‍රදේශවල ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිවාසිකම් නැවතත් තහවුරු කරදී ඇතැයි
ෆැපරල් සංවිධානය පවසයි. විවිධ ප‍්‍රචණ්ඩකාරී කණ්ඩායම් නිසා පසුගිය කාලයේ මඩකළපුව දිස්ති‍්‍රක්කයේ
ප‍්‍රජාතන්ත‍්‍රවාදී මැතිවරණ පැවැත්වීමට නොහැකි වාතාවරණයක් පැවැති බව පෙන්වාදෙන
ෆැපරල් සංවිධානයේ සභාපතිවරයා රජයේ මෙම වැඩපිළිවෙළ බෙහෙවින් අගය කළයුතු බවද කියා
සිටී. ඇතැම් දේශපාලන පක්ෂ මඩකළපුව දිස්ති‍්‍රක්කයේ පළාත් පාලන මැතිවරණයට තරග නොකිරීමට
තීරණය කිරීමෙන් ඔවුනට එම ප‍්‍රදේශයේ ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවා දී අයිතිය තහවුරු
කිරීමට දායක වීමට ඔවුනට තිබූ අවස්ථාව ඔවුන් විසින් මග හැර ඇතැයි ද ඊයේ කොළඹදී
පැවැති ප‍්‍රවෘත්ති සාකච්ඡාවක දී ෆැපරල් සංවිධානයේ සභාපතිවරයා අවධාරණය කළේය. ෆැපරල් සංවිධානය පසුගිය වසර 20 ක පමණ කාලයක සිට මෙරට පැවැති මැතිවරණ විශාල
ප‍්‍රමාණයක් නිරීක්ෂණය කැර ඇතැයිද සඳහන් කළ කිංස්ලි රුද්‍රිගු මහතා 2004 මහ
මැතිවරණයේ දී උතුරේ අවිගත් කණ්ඩායම් ඡන්ද ව්‍යාපාරයට බලපෑම් කර ඇති බව ද පෙන්වා
දුන්නේය. එම මැතිවරණයේ දී උතුරේ හොර ඡන්ද 25000 ක් පමණ පාවිච්චි කිරීමට අවිගත් එල්. ටී. ටී.
ඊ. සාමාජිකයින් කි‍්‍රයා කැර ඇතිබව පැවැසූ ඒ මහතා එවකට එහි පැවැති තත්ත්වයට වඩා
මැතිවරණයක් පැවැත්වීමට සුදුසු වාතාවරණයක් මඩකළපුව දිස්ති‍්‍රක්කයේ පවතින බව
පැවැසීය. මඩකළවු දිස්ති‍්‍රක්කයේ පළාත් පාලන මැතිවරණයට නාමයෝජනා භාරදීමෙන් පසු ගත වූ කාලය
තුළ එම දිස්ති‍්‍රක්කයේ පැවැති තත්ත්වය පිළිබඳව නිරීක්ෂණ වාර්තාවක් එළි දක්වමින්
ෆැපරල් සංවිධානයේ සභාපතිවරයා මෙම තොරතුරු අනාවරණය කළේය. නාමයෝජනා දුන් දිනයේ සිට මේවනතුරු ප‍්‍රධාන පෙළේ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා වාර්තාවී නැහැ.
දැනට වාර්තාවී ඇත්තේ සුළු පැමිණිලි 18 ක් පමණයි. ඒ පැමිණිලිත් බාන තර්ජන කිරීම්
වැනි සුළු සිද්ධීන්. ජීවිත හානි හෝ තුවාලවීම් හෝ වාර්තාවී නැහැ. ඒ නිසා මැතිවරණයක් පැවැත්විය හැකි
වාතාවරණයක් මඩකළපුවේ පවතිනවා. පසුගිය කාලයේ එල්. ටී. ටී. ඊ. සංවිධානය සමඟ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා වන්හි නිරත වූ බවට
චෝදනා එල්ල වූ පිරිසෙන් කොටසක් ටී. එම්. පී. පී. නමින් මේ මැතිවරණයේ දී තරග වදිනවා. මෙය ඉතා හොඳ ප‍්‍රවනතාවයක්. ප‍්‍රචණ්ඩ දේශපාලනයේ නිතරවූ බොහෝ කණ්ඩායම් අදවනවිට ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේශපාලනයට
පිවිසිලා ඉන්නවා. ෆැපරල් සංවිධානයේ උපදේශක ආචාර්ය නිමල් ගුණතිලක, ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂණ
ආයතනයක් වූ අවිහිංසාවාදී සාම බලකායේ ප‍්‍රධානී රෝලන්ඩ් රොසෙයිසීන් මහතාද එම
සංවිධානයේ නියෝජිතයින්ද මෙහිදී අදහස් දැක්වූහ.
වෙල්ලස්සේ බණ්ඩාර
|