|
2007-11-14
දොස්තරගේ අතවරයට ලක් වූ තරුණිය 3වැනි මහලෙන් බිමට
දොස්තරගේ අතවරයට ලක් වූ
තරුණිය 3වැනි මහලෙන් බිමට
මරණය ගැන මීගමු රෝහලේ වෛද්‍යවරයා සැකපිට
මීගමු රෝහලේ තෙවැනි මහලෙන් බිමට වැටී තරුණියක මරුමුවට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන්
එම රෝහලේ තරුණ වෛද්‍යවරයකු මීගමුව පොලීසිය විසින් ඊයේ (13) අත්අඩංගුවට ගන්නා ලදී.
මොහු මීට පෙර අවස්ථා දෙකකදී තවත් තරුණියන් දෙදෙනකුට අතවර කර ඇති බව හෙළි වී ඇතැයි
පොලීසිය කීය. මෙම සිද්ධියෙන් මියගොස් ඇත්තේ මොණරාගල ප‍්‍රදේශයේ පදිංචිව සිටි ඩී.
එම්. චමිලා දිසානායක නමැති 23 හැවිරිදි ඇඟලුම් කම්හල් සේවිකාවක බවත් ඇය වෛද්‍ය
ප‍්‍රතිකාර ලබා ගැනීම සඳහා මීගමුව රෝහලට ගිය අවස්ථාවේ සැකකාර වෛද්‍යවරයා ඇය රවටාගෙන
සිය නේවාසිකාගාරය වෙත රැගෙන ගොස් සිහි නැතිකර අතවර කර තිබෙන බවට සැක කෙරෙන බවත්
මීගමුව පොලීසිය පැවසීය.
ඉකුත් (12) වැනිදා මෙම සිද්ධිය හටගෙන ඇති අතර රෝහලේ හත්වැනි තට්ටුවේ පිහිටි
නේවාසිකාගාරයට තරුණිය රැගෙන ගොස් අතවර කිරීමෙන් පසු තුන්වැනි තට්ටුව වෙත රැගෙන විත්
වෛද්‍යවරයා ඇය පහළට තල්ලු කර ඇති බවට සැක පහළ වී ඇතැයි පොලීසිය කියයි.
වෛද්‍යවරයා විසින් මෙසේ බිමට වැටුණු තරුණිය කාඩ්බෝඩ් කැබෑල්ලක තබා රෝගියෙකු ලෙස
බිම දිගේ ඇදගෙන ගොස් තිබේ.
මෙසේ රැගෙන ගිය තරුණිය රෝගීව සිටින බව සිතූ රෝහලේ සුළු සේවිකාවක් රෝගියා රැගෙන
යාමට උදව්කරන්නදැයි වෛද්‍යවරයාගෙන් විමසා ඇති බවත් වෛද්‍යවරයා එය ප‍්‍රතික්ෂේප කැර
ඇති බවත් මෙතෙක් කළ පරීක්ෂණවලින් හෙළිව ඇතැයි පොලීසිය සඳහන් කෙළේය.
සැකකාර වෛද්‍යවරයා විවාහකයකි. මීට පෙර වෛද්‍යවරයා රාගම නැවතී සිටින විට සිය බිරියගේ
යෙහෙළියකටද අතවර කර ඇති බවට සැක කෙරෙන බවත් ඇය ඒ දිනවලදීම ගෙලවැළලාගෙන මියගොස් ඇති
බවත් පොලීසිය කියයි.
මොහු මීගමු රෝහලේ සිටියදී ප‍්‍රතිකාර සඳහා රෝහලට පැමිණ සිටි තරුණ යුවළක් රවටා එම
තරුණිය තනිව පරීක්ෂා කිරීමට කැඳවා සිහිනැතිකර අතවර කිරීමට උත්සාහ කර තිබේ.
හදිසියේ පියවි සිහිය ලැබූ ඇය කෑ ගසා තරුණයා කැඳවීමෙන් පසු වෛද්‍යවරයාට පහරදී පසුව
සමථයකට පත්ව ඇති බවටද කරුණු අනාවරණය වී ඇති බව පොලීසිය පැවසීය.
නියෝජ්‍ය පොලිස්පති සරත් ජයසුන්දර මහතාගේ උපදෙස් මත මීගමුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි
පේර්මසිරි විතාන මහතාගේ මෙහෙයවීමෙන් මීගමුව මූලස්ථාන ප‍්‍රධාන පොලිස් පරීක්ෂක
සෝමරත්න ලියනගේ,, අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එස්. කේ. පී. ටී.
සුබසිංහ, පොලිස් පරීක්ෂක ජේ. එස්. බණ්ඩාර ඇතුළු නිලධාරීහු පරීක්ෂණ පවත්වති.
චන්ද්‍රිකා පෙරේරා, එම්. ඩී. ධර්මසිරි සහ මීගමුව සමූහ - ඡායාරූපය - මීගමුව විශේෂ
එච්. ප්‍රනාන්දු
|