|
2008-03-16
යූඇන්පී හා කොටි නැති පුළුල් සන්ධානයකට සූදානම්
නැඟෙනහිර පළාත් සභා මැතිවරණය
එජාපය හා කොටි නැති
පුළුල් සන්ධානයකට සූදානම්
-ශ‍්‍රී.ල.නි.ප. මහ ලේකම් ඇමැති මෛතී‍්‍රපාල සිරිසේන
එක්සත් ජාතික පක්ෂයත්, කොටි සංවිධානයත් හැර අනෙක් ඕනෑම ප‍්‍රජාතන්ත‍්‍රවාදී
සංවිධානයක් සමඟ එක්වී පුළුල් සන්ධානයක් වශයෙන් නැඟෙනහිර පළාත් සභා මැතිවරණයට තරග
වැදීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය සූදානමින් සිටින්නේ යැයි ශ‍්‍රී.ල.නි.ප. මහ
ලේකම් ඇමැති මෛත‍්‍රීපාල
සිරිසේන මහතා පවසයි. මෙහිදී එම සන්ධානයට එක්වී එකම ලාංඡනයක් යටතේ තරග කිරීමට ජනතා
විමුක්ති පෙරමුණට ද හැකියාව ඇතැයි සඳහන් කළ ඇමැතිවරයා, අවි දරමින් සිටි අය අවි අත
හැර ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රවාහයට එක්ව සිටින්නේ නම් ඒ කවර කණ්ඩායමක් සමඟ වුව
සමීපව කටයුතු කිරීමට නොපැකිළෙන බවත් කීය.
නැඟෙනහිරට පළාත් පාලන ඡන්දය පවත්වා එහි
ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කිරීමට රජය දුන් පොරොන්දුව මඩකලපුව දිස්ති‍්‍රක්කය
වෙනුවෙන් පසුගියදා පැවැත්වූ ඡන්දයෙන් ඉටු කර දුන් බවත් මීළඟට නැෙඟනහිරට පළාත් සභා
ඡන්දයක් පවත්වන්න ද සූදානම් බවත් කීය.
මේ ඡන්දයට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග වදින බවත් රජයට සහාය දෙන සෙසු පක්ෂ ද
සම්බන්ධ කර ගන්නා බවත් ඇමතිවරයා පැවැසීය. ශ‍්‍රී.ල.නි.ප. මේ මැතිවරණයට නාම යෝජනා
කමිටුවක් ශ‍්‍රී.ල.නි.ප. ජ්‍යෙෂ්ඨ උප සභාපති ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ්
ප‍්‍රධානත්වයෙන් දැනටමත් පත්කර ඇත.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම් ඇමැති සුසිල්
පේර්මජයන්ත සහ ජනාධිපතිතුමාගේ ජ්‍යෙෂ්ඨ උපදේශක පාර්ලිමේන්තු මන්තී‍්‍ර බැසිල්
රාජපක්ෂ මහතා ද මේ නාම යෝජනා කමිටුවට ඇතුළත්ය.
සුනිල් දයා අල්විස්
|