2010-01-20

ඡන්දෙට පෙර දා රෑ හැඳුනුම් පත් හොරකමක්

ඡන්දෙට පෙර දා රෑ හැඳුනුම් පත් හොරකමක්

විපක්‍ෂයේ සන්ධානය විසින් ඡන්ද දායකයන්ගේ හැඳුනුම්පත් පැහැර ගැනීමේ හා මිලදී ගැනීමේ ව්‍යාපාරයක් ක්‍රියාත්මක කැර ඇතැයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම්, අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවැසීය.

ලබන 25 වැනි දින රාත්‍රියේදී මෙලෙස හැඳුනුම්පත් පැහැර ගැනීමට සැලසුම් කොට ඇති අතරම ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට සහය දක්වන පිරිස්වල හැඳුනුම්පත් මිලදී ගැනීමේ සැලැස්මක් ද මේ වනවිට විපක්‍ෂය මගින් ක්‍රියාත්මක කොට ඇතැයි ඇමැතිවරයා සඳහන් කෙළේය.

මේ පිළිඳව එක්සත් ජනතා නිදහස් සන්ධානයට විවිධ ප්‍රදේශවලින් ලැබුණු තොරතුරු මත ක්‍රියාත්මක වී ඒ බව මැතිවරණ කොමසාරිස්වරයාටත්, පොලිස්පතිවරයාටත් දන්වා ඇති බවද කී ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා 25 වැනි දින රාත්‍රියේ දී එම ක්‍රියාදාමයන් වළක්වා ඡන්ද දායකයින්ගේ ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය ආරක්‍ෂා කරදීම සඳහා මැතිවරණ ජංගම සේවාවක් ක්‍රියාත්මක කරන ලෙසට ඔවුන්ගෙන් ඉල්ලා සිටි බවද සඳහන් කෙළේය.

ඊයේ (19) කොළඹ මහවැලි කේන්ද්‍රයේදී පැවැති ඒ. ජ. නි. ස. මාධ්‍ය හමුවට එක්වෙමින් ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා එම තොරතුරු සඳහන් කළ අතර එහිදී තවදුරටත් අදහස් දක්වමින් මෙසේද කීය.

1988 දීත් ජ.වි.පෙ. මේ දේම කළා. අනිත් අයගේ හැඳුනුම්පත් පැහැර ගන්නා එක ඔවුන්ට සුපුරුදු දෙයක්. දැන් ක්‍රියාත්මක වන්නේත් ඒ දේමයි.

මහින්ද රාජපක්‍ෂ මහතාට සහය ලබාදෙන පිරිස් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළැක්වීම සඳහා ඔවුන්ගේ හැඳුනුම්පත් පැහැර ගන්නත්, මිලදී ගන්නත් ඔවුන් පියවර ගෙන තිබෙනවා. මේවා ඉතා නින්දිත වැඩ.

ඒ නිසා අපි හැම දෙනාගෙන්ම ඉල්ලා සිටින්නේ ජනාධිපතිවරණය ප්‍රචණ්ඩකාරිÀවයෙන් තොරව සිදු කිරීමට සහය ලබා දෙන්න කියලයි.
මේ මාධ්‍ය හමුව සඳහා ඉදිකිරී මේ හා ඉංජිනේරු සේවා ඇමැති දොස්තර රාජිත සේනාරත්න මහතා ද සහභාගි වූහ.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා