|
2010-08-31
සක්විති රණසිංහ පිළිබඳව කරන පරීක්ෂණ කටයුතු මසකින් නිමයි
සක්විති රණසිංහ පිළිබඳව කරන
පරීක්ෂණ කටයුතු මසකින් නිමයි
- අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ
‘සක්විති’ රණසිංහ පිළිබඳ පරීක්ෂණ කටයුතු මසක් තුළ අවසන් කරන බව අපරාධ පරීක්ෂණ
දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී විජය අමරසිංහ මහතා පවසයි.
‘සක්විති’ අතුරුදන්ව සිටි කාලය තුළ ඔහුගේ ව්‍යාජ බැංකුවේ මහජනතාව තැන්පත් කළ කෝටි
ගණනක මුදල් සම්බන්ධයෙන් එහි කාර්ය මණ්ඩලයෙන් දිගින් දිගටම ප්‍රශ්න කෙරෙන බවත්
අධ්‍යක්ෂවරයා කියයි.
ඔහු සතුව තිබූ දේපළ හා වත්කම් පිළිබඳ පරීක්ෂණ කටයුතු බොහෝ දුරට අවසන් බව පවසන
අධ්‍යක්ෂවරයා, නීති විරෝධී ලෙස ඔහු ගත කළ විවාහ දිවිය පිළිබඳවද පරීක්ෂණ පැවැත්වෙන
බවත් සඳහන් කරයි.
‘සක්විතිගේ’ කාර්ය මණ්ඩලයේ අයට ඔහු අතුරුදන්ව සිටි කාලයේ ලැබුණු මුදල් වියදම් කළ
ආකාරය සම්බන්ධවත් පරීක්ෂා කෙරෙමින් පවතින බවත් කාර්ය මණ්ඩලයේ අයගේ වැටුප් සහ වත්කම්
පිළිබඳවත් සොයා බැලෙන බව හෙතෙම ප්‍රකාශ කරයි.
වෙල්ලස්සේ බණ්ඩාර සහ ධනුෂ්ක ගොඩකුඹුර
|