2009-06-18

සූකර උණ වැළදුණු දෙවැනි රෝගියාත් හමු වෙයි

සූකර උණ වැළදුණු දෙවැනි රෝගියාත් හමු වෙයි

සූකර උණ හෙවත් නව ඉන්ෆිලුවෙන්සා රෝගය වැළඳී ඇති බවට හෙළිදරව් වූ ළමයාගේ සහෝදරයාටද එම රෝගය වැළඳී ඇති බවට ඊයේ (17) තහවුරු වූ බව වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් පීරිස් මහතා පැවැසීය.

පසුගිය දෙදින තිස්සේ එම ළමයා උණ රෝගයෙන් පෙළී ඇති අතර පසුව ඔහු පිළිබඳව පැවැත් වූ වෛද්‍ය පරීක්ෂණයකින් ඒ බව තහවුරු වූ බවද වෛද්‍ය සුදත් පීරිස් මහතා සඳහන් කළේය.මේ අනුව ශ‍්‍රී ලංකාවේ දෙවැනි නව ඉන්ෆිලුවෙන්යා ඒ රෝගියාද ඊයේ (17) වාර්තා වී ඇත.

මේ රෝගීන්ට අවශ්‍ය ප‍්‍රතිකාර අයි. ඩී. එච්. හි පිහිටි බෝවන රෝගවලට ප‍්‍රතිකාර කරනු ලබන විශේෂ රෝහලේ දී ලබාදීමට පියවර ගෙන ඇතැයිද වෛද්‍ය සුදත් පීරිස් මහතා පැවැසීය.

නව ඉන්ෆිලුවෙන්සා ඒ රෝගයට අවශ්‍ය ප‍්‍රතිකාර ලබාදී රෝගීන් සුවපත් කළ හැකි බවත් , ඒ සඳහා ඖෂධ සහ සියලු පහසුකම් රජය සතුව ඇති බවත් වෛද්‍ය සුදත් පීරිස් මහතා සඳහන් කෙළේය.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා