|
2008-08-25
සන්ධානයට ඓතිහාසික ජයක්
එජනිසට ආසන 45යි
එජාපයට 29යි
ජවිපෙ තුනට බසී
සන්ධානයට ඓතිහාසික ජයක්

මහින්ද චින්තනය පදනම් කරගෙන ආණ්ඩුව ගෙන ගිය වැඩපිළිවෙළ අනුමත කළ උතුරු මැද සහ
සබරගමුව පළාත් ජනතාව පෙරේදා (23) පැවැති පළාත් සභා මැතිවරණයෙන් එක්සත් ජනතා නිදහස්
සන්ධානයට අති විශිෂ්ට ජයක් අත්කර දුන්නේය.
මාතෘ භූමිය සුරක්ෂිත කිරීමට, උතුර මුදා ගෙන ත‍්‍රස්තවාදය මුළුමනින්ම මර්දනය කරන බවට
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දුන් පොරොන්දුව එම දිස්ති‍්‍රක් හතරේ ජනතාව අවධානයට
ගෙන තිබුණ බව මැතිවරණ ප‍්‍රතිඵල සනාථ කළේය. මෙම විශිෂ්ට ජයග‍්‍රහණයේදී දිස්ති‍්‍රක්
හතරේ එකම ආසනයක්වත් එක්සත් ජාතික පක්ෂයට හිමි නොවිණි.
එක්සත් ජනතා නිදහස් සන්ධානය නැතිව ජනතා විමුක්ති පෙරමුණට පැවැත්මක් නැතැයි තහවුරු
කරමින් සබරගමුව සහ උතුරු මැද පළාත් ජනතාව ජනතා විමුක්ති පෙරමුණට රටේ හිමි ස්ථානය
පැහැදිලිව පෙන්වා දුන්හ.
උතුරුමැද පළාත් සභාවේ මන්තී‍්‍රධූර තිස් තුනෙන් මන්තී‍්‍ර ධූර 20ක් ලබා ගත් එක්සත්
ජනතා නිදහස් සන්ධානය පැහැදිලි බහුතරයක් වාර්තා කරමින් අති විශිෂ්ට ජයග‍්‍රහණයක්
වාර්තා කරද්දී එක්සත් ජාතික පක්ෂයට හිමි වූයේ මන්තී‍්‍රධූර දොළහක් පමණි. ජනතා
විමුක්ති පෙරමුණ එක් මන්තී‍්‍රධූරයක් දිනා ගත්තේය.
සබරගමුව පළාත් සභාවේ මන්තී‍්‍රධූර හතළිස් හතරෙන් සංධානය මන්තී‍්‍රධූර 25 දිනා ගත්
අතර එක්සත් ජාතික පක්ෂය මන්තී‍්‍රධූර 17ක්ද ජනතා විමුක්ති පෙරමුණ මන්තී‍්‍ර ධූර
දෙකක්ද දිනා ගත්තේය.
2004 වසරේ පැවැති පළාත් සභා මැතිවරණයෙන් උතුරු මැද පළාතේ සන්ධානයට හිමි වූ
මන්තී‍්‍රධුර 13 මෙවර 20 දක්වා ඉහළ ගොස් ඇති අතර, 2004 වසරේ ලැබූ මුළු ඡන්ද
ප‍්‍රමාණයද 279044 සිට 307457 දක්වා ඉහළ ගොස් ඇත.
2004 දී සබරගමුව පළාත් සභාවේ මන්තී‍්‍රධූර 18 ක් ලබා සිටි සන්ධානය මෙවර එය
මන්තී‍්‍රධූර 25ක් දක්වා ඉදිරියට ගෙන ;ගාස් ඇති අතර මුළු ඡන්ද සංඛ්‍යාවද 398731 සිට
472783 දක්වා වැඩිවී තිබේ.
සන්ධානය සමඟ එක්ව තරග කළ ජනතා විමුක්ති පෙරමුණට 2004 වසරේදී උතුරුමැද පළාතෙන් ආසන
09 ක් හා සබරගමුවෙන් 10 ක් හිමි වී තිබූ අතර මෙවර එම සංඛ්‍යාව උතුරුමැදින් එකක් සහ
සබරගමුවෙන් දෙකක් වශයෙන් බරපතළ පසු බෑමකට ලක්වී තිබේ.
එක්සත් ජනතා නිදහස් සන්ධාන රජය සමග එක්ව කටයුතු කරමින් සබරගමුව පළාත් සභාවට වෙනම
තරග කළ ලංකා කම්කරු කොංග‍්‍රසය සහ කඳුරට ජනතා පෙරමුණට ද හිමි වූයේ අන්ත පරාජයකි.
පළාත් සභා දෙකේ අනුරාධපුර, පොළොන්නරුව, රත්නපුර සහ කෑගල්ල දිස්ති‍්‍රක්ක හතරේම
තැපැල් ඡන්ද ජයග‍්‍රහණය ද එ. ජ. නි. ස. ට හිමි වේ. පළාත් සභා දෙකෙන්ම ජ. වි. පෙ. ට
ලැබුණේ ඡන්ද 45806 කි. එය ප‍්‍රතිශතයක් ලෙස 3.54 කි.
එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉවත් වී 2006 පළාත් පාලන ඡන්දයට තරඟ කළ ජනතා
විමුක්ති පෙරමුණ මෙම පළාත් සභා බල ප‍්‍රදේශ දෙකෙන් ඡන්ද 151451 ක් ලබාගත්තේ ය.
මෙවර මැතිවරණයේ දී ඔවුන්ගේ ඡන්ද පදනම දියාරු වී ගොස් ඡන්ද 105645 ක් අඩු වී තිබේ.
පළාතේ වෙනසක් සඳහා තමන්ට බලය ලබාදෙන ලෙස ජ. වි. පෙ. කළ ඉල්ලීම ජනතාව ප‍්‍රතික්ෂේප
කර තිබේ. පසුගිය මැතිවරණවල දී ජවිපෙට විශාල වශයෙන් ඡන්ද ලැබුණ කොළොන්න, අරණායක,
පැල්මඩුල්ල, කැකිරාව වැනි ආසනවල ශීඝ‍්‍ර පසුබෑමකට ලක් වී තිබේ. පැල්මඩුල්ලේ දී ජ.
වි. පෙ. පස්වැනි ස්ථානයට පත්වීම ද විශේෂත්වයකි.
ජ. වි. පෙ. ඡන්ද පදනම සෝදාපාළුවට ලක්වෙද්දී එජාපය තම ඡන්ද යම් ප‍්‍රමාණයකට තහවුර
කරගෙන තිබුණ ද එය එක්සත් ජනතා නිදහස් සන්ධානයට වැඩි වූ ඡන්ද ප‍්‍රමාණය සමඟ බලන විට
එතරම් විශාල ප‍්‍රමාණයක් නොවේ.
එක්සත් ජනතා නිදහස් සන්ධානයට පළාත් සභා දෙකේ ලබාගත් ඡන්ද ප‍්‍රතිශතය 50.85 කි.
එක්සත් ජාතික පක්‍ෂය ලබාගෙන ඇත්තේ සියයට 39.09 ක ඡන්ද සංඛ්‍යාවකි.
ඡන්ද විමසීම ඉකුත් සෙනසුරාදා (23) දිස්ති‍්‍රක්ක හතරේ මධ්‍යස්ථාන 1772 කදී
පැවැතිණි.
සුළු සිදුවීම් කිහිපයක් හැරුණු විට සමස්තයක් වශයෙන් ඡන්ද විමසීම පොදුවේ ඉතා
සාමකාමීව පැවැති බව මැතිවරණ කොමසාරිස් දයානන්ද දිශානායක මහතා ප‍්‍රකාශ කෙළේය.
උතුරු මැද පළාත් සභාවේ අනුරාධපුර දිස්ති‍්‍රක්කයේ ඡන්ද කොට්ඨාස හතම එක්සත් ජනතා
නිදහස් සන්ධානය දිනාගත්තේ ය.
අනුරාධපුර දිස්ති‍්‍රක්කයේ ප‍්‍රකාශිත ඡන්ද 382677 න් ඡන්ද 199547 ක් එ. ජ. නි. ස.
ට හිමිවිය. එය ප‍්‍රතිශතයක් ලෙස 54.70කි.
එ.ජා.ප. ය 38.93 ක ප‍්‍රතිශතයකින් ඡන්ද 142019 ක් ලබා ගත් අතර ජ. වි. පෙ. ඡන්ද ගණන
19357 ක් විය. එහි ප‍්‍රතිශතයක් ලෙස 5.31 කි.
එහි දී එ. ජ. නි. ස. මන්තී‍්‍රධූර 12ක් ද එ. ජා. ප. මන්තී‍්‍රධූර 8ක් ද ජ. වි. පෙ.
ට මන්තී‍්‍රධූරයක් ද හිමිවිය.
උතුරු මැද පළාත් සභාවේ වැඩිම ඡන්ද සංඛ්‍යාව හිමිකර ගත් එ. ජ. නි. ස. ප‍්‍රසාද ආසන
දෙක ද හිමිවූහ.
අනුරාධපුර දිස්ති‍්‍රක්කයේ, මැදවච්චිය කොට්ඨාසය වැඩි ඡන්ද 10286 කින් එ.ජ.නි.සං
දිනා ගත්තේය. ප‍්‍රතිශතය 59.04 ක් විය. එම ආසනයේ එ.ජා.ප. ඡන්ද ප‍්‍රතිශතය 35.18 ක්
වනවිට ජ.වි.පෙ. ප‍්‍රතිශතය 4.83 ක් විය.කලාවැව කොට්ඨාසය එ.ජ.නි.සං. විසින් දිනාගනු
ලැබුවේ වැඩි ඡන්ද 12067 කිනි. එය ප‍්‍රතිශතයක් ලෙස 56.24 කි.
පොළොන්නරුව දිස්ති‍්‍රක්කයේ ඡන්ද ප‍්‍රදේශ (කොට්ඨාස) තුනේ ම ජය එ.ජ.නි.සං.ට
හිමිවූයේ විශාල වැඩි ඡන්ද ගණනකිනි.
එ.ජ.නි. සන්ධානයට දිස්ති‍්‍රක්කයේ ප‍්‍රකාශිත ඡන්ද සංඛ්‍යාවෙන් සියයට 59.73 ක්
හෙවත් සමස්ත ඡන්ද ප‍්‍රමාණයෙන් 107910 ක් ලබා ගත්තේය. එ.ජා.ප.යට ලබාගත හැකිවූයේ
ඡන්ද 63265 කි. එහි ප‍්‍රතිශතයක් ලෙස 35.02 කි.
එ.ජ.නි.සං. පොළොන්නරුව ඡන්ද කොට්ඨාසය දිනාගත්තේ වැඩි ඡන්ද 20199 කිනි. ලබාගත් ඡන්ද
ප‍්‍රතිශතය 59.88 ක් විය.
මින්නේරිය කොට්ඨාසය වැඩි ඡන්ද 13515 කින් ජයගත් එ.ජ.නි. සන්ධානය ප‍්‍රතිශතය 62.04
ඉහළ අගයක් ගත්තේය.
උතුරුමැද පළාත් සභාවේ පොළොන්නරුව දිස්ති‍්‍රක්කයේ මන්ත‍්‍රීධූර දහයෙන් හයක් එක්සත්
ජනතා නිදහස් සන්ධානයට හිමිවූ අතර එක්සත් ජාතික පක්ෂයට මන්තී‍්‍රධූර හතරක් හිමිවිය.
ජනතා විමුක්ති පෙරමුණ එම දිස්ති‍්‍රක්කයෙන් ලබාගත්තේ ඡන්ද 7381 කි. එහි ප‍්‍රතිශතය
4.09 ක් විය. 2006 පළාත් පාලන ඡන්දයේදී ජ.වි.පෙ. පොළොන්නරුව දිස්ති‍්‍රක්කයෙන්
ලබාගත් ඡන්ද 17865 ට වඩා ඡන්ද 10584 ක් මෙවර ඔවුන්ට අහිමිවී තිබේ.
මැදිරිගිරිය ආසනයද සන්ධානය ජයග‍්‍රහණය කෙළේ වැඩි ඡන්ද 8047 කිනි. එය ප‍්‍රතිශතයක්
ලෙස 55.86 කි.
සබරගමුව පළාත් සභාවේ රත්නපුර දිස්ති‍්‍රක්කයේ පිහිටි ඡන්ද බල ප‍්‍රදේශ අටම එක්සත්
ජනතා නිදහස් සන්ධානයට හිමිවිය. ප‍්‍රකාශිත ඡන්ද 497013 න් සියයට 55.22 ක හෙවත් ඡන්ද
260218 ක් ලබා ගත් එ.ජ.නි.සං. රත්නපුර දිසාවෙන් මන්තී‍්‍රධූර 13 ක් හිමිකර ගත්තේය.
එක්සත් ජාතික පක්ෂයට හිමිවූයේ මන්තී‍්‍රධූර 10 කි. ඒ සඳහා ඔවුන්ට ලැබී තිබුණේ
ප‍්‍රතිශතය 40.74 ක් ලෙස ඡන්ද 191996 කි.
ජනතා විමුක්ති පෙරමුණට ඡන්ද 9703 ක් ලැබිණි. ප‍්‍රතිශතය 2.06 කි. ඔවුන්ට එක්
මන්ත‍්‍රීධූරයක් හිමිවිය.
සබරගමුව පළාත් සභාවේ ප‍්‍රසාද මන්තී‍්‍රධූර දෙකත් සමඟ එ.ජ.නි.සන්ධානයට මන්තී‍්‍රධූර
25 ක් හිමිවිය.
එක්සත් ජනතා නිදහස් සන්ධානය රත්නපුර දිසාවේ නිවිතිගල කොට්ඨාසය එ. ජා. ප. යට වඩා
වැඩි ඡන්ද 10417 කින් ජය ගත්තේය. ප‍්‍රතිශතය 56.99 කි.
පැල්මඩුල්ල කොට්ඨාසය වැඩි ඡන්ද 7335 කින් එ. ජ. නි. ස. ජය ලබන විට ප‍්‍රතිශතය 50.50
ක් විණි. එම කොට්ඨාසයෙන් ජනතා විමුක්ති පෙරමුණ පස්වැනි තැනට පත් වී තිබේ. ඔවුන්ට
ලබාගත හැකි වූයේ ඡන්ද 592 ක් පමණි. එහි ප‍්‍රතිශතය 1.19 කි.
සබරගමුව පළාත් සභාවේ කෑගල්ල දිස්ති‍්‍රක්කයේ ඡන්ද කොට්ඨාස දහහතම එක්සත් ජනතා නිදහස්
සන්ධානයට හිමිවිය.
කෑගල්ල දිස්ති‍්‍රක්කයේ ප‍්‍රකාශිත ඡන්ද 404660 න් සියයට 55.48 ක් වූ ඡන්ද 212571
ක් ලබා ගත් එ. ජ. නි. ස. මන්තී‍්‍ර ධූර 10 ක් හිමිකර ගන්නා අතර එ. ජා. ප. ය ඡන්ද
154325 ක් (ප‍්‍රතිශතය 40.28) ලබා ගනිමින් මන්තී‍්‍ර ධූර 7 ක් ද, ජනතා විමුක්ති
පෙරමුණ ප‍්‍රතිශතය 2.44 ක් වූ ඡන්ද 9365 ක් ලබා මන්තී‍්‍ර ධූරයක් ද දිනා ගත්තේය.
කෑගල්ල දිසාවේ රඹුක්කන ඡන්ද කොට්ඨාසය එ. ජ. නි. ස. දිනාගත්තේ වැඩි ඡන්ද 9174 කිනි.
එහිදී ප‍්‍රතිශතය 60.72 ක් විය. එ. ජා. ප. යට ප‍්‍රතිශතය 35.87 ක් වූ අතර ජ. වි.
පෙ. ප‍්‍රතිශතය 2.92 ක් විය.
දැදිගම ඡන්ද කොට්ඨාසය වැඩි ඡන්ද 7210 කින් එ. ජ. නි. ස. ට හිමිවිය. ප‍්‍රතිශතය
55.03 කි. ගලිගමුව කොට්ඨාසයද එ. ජ. නි. ස. දිනාගත්තේ සියයට 57.61 ක් වන ඡන්ද 22741
ක් ලබා වැඩි ඡන්ද 7360 කිනි.
මානුෂික මෙහෙයුමෙන් නැඟෙනහිර පළාත ත‍්‍රස්තවාදීන්ගෙන් මුදාගැනීමෙන් පසු එහි පාලනය
එම ජනතාව අතට පත්කිරීමෙන් අනතුරුව නැෙඟනහිර පළාත් සභා ඡන්දයෙන් ද විශිෂ්ට ජයක් ලබා
ගත් එක්සත් ජනතා නිදහස් සන්ධානය මේ පළාත් සභා දෙකේ බලය ද හිමිකර ගැනීමෙන් සැබෑ
ජනමතය කුමක්දැයි පිළිබිඹු වන බව මැතිවරණ නිරීක්‍ෂකයෝ පවසති.
දයා පෙරේරා රන්ජිත් පද්මසිරි ධනුෂ්ක ගොඩකුඹුර
නිරූෂි විමල්වීර සහ සුභාෂිනී සේනානායක
|