2009-07-02

නිල ඡන්ද දැන්වීම් පති‍්‍රකා මුද්‍රණයේ

නිල ඡන්ද දැන්වීම් පති‍්‍රකා මුද්‍රණයේ

ඌව පළාත් සභාවේ සහ යාපනය වවුනියාව පළාත් පාලන ඡන්දවලට අදාළ නිල ඡන්ද දැන්වීම් පති‍්‍රකා මුද්‍රණය කිරීම සඳහා රජයේ මුද්‍රණාලයට බාරදුන් බව මැතිවරණ මහ ලේකම් කාර්යාලය කියයි.

ඉතා ඉක්මණින් ම එම පති‍්‍රකා ඡන්ද දායකයන්ට බෙදාදීමට කටයුතු කරන බවත් එම කර්යාලයීය ප‍්‍රකාශකයෙක් දිනමිණට කීවේය.

ඌව පළාත් සභාවේ බදුල්ල දිස්ති‍්‍රක්කයේ ඡන්ද දායකයන් 574814කි. මොණරාගල දිස්ති‍්‍රක්කයේ ඡන්ද දායකයෝ 300642ක් සිටිති.

යාපනය මහ නගර සභාවේ ලියාපදිංචි ඡන්ද දායකයන් ගණන 100417ක්වන අතර වවුනියාව නගර සභාවේ ඡන්ද දායකයන් සංඛ්‍යාව 24626කි

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා