|
2008-07-22
ජානිපෙට ජවිපෙන් ප‍්‍රහාර
ජානිපෙට ජවිපෙන් ප‍්‍රහාර
ජාතික නිදහස් පෙරමුණේ සාමාජිකයන් දශලක්ෂයක් බඳවා ගැනීමේ ජාතික මෙහෙයුමේ පළමුවැනි
අදියර වෙනුවෙන් රටපුරා ප‍්‍රචාරක කටයුතුවල යෙදී සිටි පිරිස්වලට ජනතා විමුක්ති
පෙරමුණේ සාමාජිකයන් ස්ථාන රැසකදී ඊයේ (20) පහරදීම් සිදුකර තිබේ.
කඩුවෙල සිට බත්තරමුල්ල දක්වා පෝස්ටර් අලවමින් සිටි ජානිපෙ කඩුවෙල ප‍්‍රාදේශීය සභා
මන්තී‍්‍ර ප‍්‍රභාත් දර්ශන හා ජානිපෙ කි‍්‍රයාකාරිකයකු වන විමල් විජේවීර යන අයට
මාලඹේ ඔරලෝසු කණුව අසලදී දරුණු ලෙස පහර දී තිබේ.
ඇන සවි කළ පොලු වලින් මෙසේ පහර දී ඇත්තේ ජවිපෙ කඩුවෙල ප‍්‍රාදේශීය සභා මන්තී‍්‍ර
අසිත නිරෝෂන සහ ජවිපෙ කි‍්‍රයාකාරිකයකු වන ලලිත් පෙරේරා යන අය විසිනි.
මෙම පහරදීම පිළිබඳව තලංගම කොස්වත්ත පොලිසියට පැමිණිලි කර තිබේ. දරුණු ලෙස පහර කෑමට
ලක් වූ ප‍්‍රභාත් දර්ශන මන්තී‍්‍රවරයා සහ චමල් විජේවීර කොස්වත්ත රෝහලේ මේ වන විට
ප‍්‍රතිකාර ලබති.
මේ අතර ජානිපෙ මොරටුව ආසන සභාපති සුරේෂ් ඉන්දික ඇතුළු කණ්ඩායමක් මොරටුව රාවතාවත්ත
ප‍්‍රදේශයේ පෝස්ටර් අලවමින් සිටියදී යතුරු පැදියකින් පැමිණි ජවිපෙ මොරටුව නාගරික
මන්තී‍්‍ර තුමින්ද අනුෂ කුමාර හා දහනායක නැමැත්තා මොරටුවේ ජානිපෙ දේශපාලනය කළොත්
මරා දමනවා. යනුවෙන් තර්ජනය කොට තිබේ. මේ පිළිබඳව ගල්කිස්ස පොලීසියේ පැමිණිලි කොට
තිබේ.
|