|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
අන්තර්ජාතික ඉන්දියානු සිනමා ඇකඩමිය සංවිධානය කරන අයිෆා සිනමා සම්මාන උළෙල ජනාධිපති ආර්යා, ශිරන්ති රාජපක්ෂ මැතිනිය, අගමැති දි. මු. ජයරත්න, ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ, ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී අති උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. හොඳම නළුවා ලෙස අමිතාබ් භච්චන් තේරුණු අතර හොඳම නිළි සම්මානය කරීනා කපූර්ට සහ විද්‍යා බාලන්ට හිමි විය. අමිතාබ් සහ කරීනාට මෙම සම්මාන ද්විත්වය හිමි වූයේ පා (Paa) චිත්‍රපටයේ සහ ‘ත්‍රී ඉඩියට්ස් (3 – Idiots) රංගනය උදෙසා ය. විද්‍යා බාලන් හට හොඳම නිළිය සම්මානය ලැබුණේ ‘පා’ චිත්‍රපටයේ රංගනයට ය. මෙම උළෙලේ අනෙකුත් සම්මාන පිරි නැමුණේ මෙසේ ය. පසුගිය වසරේ තිරගත වූ චිත්‍රපට අතරින් මෙවර අයිෆා හොඳම අධ්‍යක්‍ෂවරයා ලෙස සම්මාන ලැබුවේ ‘ත්‍රී ඉඩියට්ස්’ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ රාජ් කුමාර්
හිරානිට ය. හොඳම චිත්‍රපටය වූයේ ද ‘ත්‍රී ඉඩියට්ස්’ය. හොඳම සහාය නළුවා ලෙස ‘ත්‍රී ඉඩියට්ස්’ රංගනය වෙනුවෙන් ෂර්මන් ජෝෂී (Sharman Joshi) හිමිකර ගත් අතර හොඳම සහය නිළිය වූයේ ‘දිල්ලි - 6’ චිත්‍රපටයේ රඟ පෑ දිව්‍යා දත්තාය. හොඳම ගායකයා ලෙස ‘ත්‍රී-ඉඩියට්ස්’ චිත්‍රපටයේ Behti Hawa Sa tha who ගීතය ගැයූ ෂාන් (Shaan) ද සම්මාන දිනාගත්තේ ය. හොඳම පසුබිම් ගායිකාව ලෙස කවීතා සෙත් සම්මාන ලැබුවේ වේක් අප් සිද් (Wake up sid) චිත්‍රපටයේ ගායනා වෙනුවෙනි. හොඳම සංගීත අධ්‍යක්ෂණය වෙනුවෙන් සම්මානය දිනා ගත්තේ ‘ලව් ආජ් කල් චිත්‍රපටයේ සංගීතය උදෙසා ප්‍රීතම් (Pritam) ය. හොඳම පද රචනයට ස්වනන්ද් ක්‍රිකර් Swanand Kirkire) සම්මාන ලැබූ අතර හොඳම චිත්‍රපට දෙබස් රචනය සඳහා සම්මාන හිමිවුණේ ‘ත්‍රී ඉඩියට්ස්’ චිත්‍රපටයේ රාජ් කුමාර්
හිරානි සහ අබ්ජාත් ජෝෂිට ය. හොඳම තිර රචනය සඳහා අබ්ජාත් ජෝෂි, රාජ්කුමාර් හිරානි සහ විදු විනෝද් චොප්රා ද හොඳම වේශ නිරූපණයට ‘පා’ චිත්‍රපටයේ ඩොමිනි ටිල් සහ ක්‍රිස්ටීන් ටින්සලි ද හොඳම කැමරාකරණය හිමි සම්මානය ‘ත්‍රී ඉඩියට්ස්’ චිත්‍රපටයේ කැමරාකරණය වෙනුවෙන් සී. කේ. මුරලිදරන් ද හොඳම ක්‍රියාදාම අධ්‍යක්ෂණයට ‘කාමිණි’ චිත්‍රපටය උදෙසා ෂ්‍යාම් කෞෂාල්ට ද හොඳම ඇඳුම් නිර්මාණය සඳහා ‘ලව් ආජ්කල්’ චිත්‍රපටයේ ඇඳුම් නිර්මාණ වෙනුවෙන් අනහිතා ෂොර්ෆ් අදාජනියා සහ ඩොලි අහලුවාලියා (Anahita Shroff Adajania, Dolly Ahluvalia) හොඳම සංස්කරණය වෙනුවෙන් ‘ත්‍රී ඉඩියට්ස්’ උදෙසා රාජ් කුමාර් හිරානිට හිමි විය. හොඳම චිත්‍රපටය ලෙස සම්මාන දිනාගත්තේ ‘ත්‍රී ඉඩියට්ස්’ සඳහා එහි නිෂ්පාදක විදු විනෝද් චොප්රා (Vidhu vinod Chopra) ය. හොඳම හාස්‍ය රංගනයට හිමි සම්මානය සංජය දත් හිමි කරගත් අතර හොඳම දුෂ්ට රංගන ශිල්පියා ලෙස සම්මාන ලැබුවේ බෝමන් ඉරානි ය. ඒ ‘ත්‍රී ඉඩියට්ස්’ චිත්‍රපටයේ රංගනය වෙනුවෙනි.
සිනමාව වෙනුවෙන් කළ මෙහෙවර අගය කරමින් ජීවිතයේ එක් වරක් පමණක් හිමිවන lifetime Achivement සම්මානයෙන් මෙවර පිදුම් ලැබුවේ ප්‍රකට සිනමාකරුවෙකු (රිතික් රොෂාන්ගේ සීයා) සහ ජ්‍යෙෂ්ඨ හින්දි නිළි සීනත් අමාන් හට ය. ජාත්‍යන්තර ආකර්ෂණය වඩාත් දිනා ගැනුමට සමත් ආකර්ෂණීය නළුවා ලෙස IIFA තුළින් වරක් පමණක් ලැබිය හැකි සම්මානය හිමි වූයේ සුපිරි හින්දි නළු අනිල් කපූර්ට ය. (Outstanding Achievement by an Indian International) වසරේ නැගී එන ජනප්‍රියම නිළියන් ලෙස ජැක්ලීන් ෆර්ඩිනැන්ස් සමඟ මහී ගිල් (Mahei Gill) කිරුළ දිනා ගත් අතර වසරේ ජනප්‍රියතම නැඟී එන නළුවන් වූයේ ඕමි විද්‍යා (Omi Vidya) සහ ජැකී බග්නනිය. (Jackie Bhagnani) මෙවර Humanitarian සම්මානය හිමිවූයේ සුපිරි නළු සල්මන් ඛාන්ට ය. ( IIFA Green Global) සම්මානයෙන් මෙවර පිදුම් ලැබුවේ සුපිරි නළු විවේක් ඔබ්රෝයිය. තවත් සම්මාන රාශියක් පිරි නැමුණු මෙවර IIFA සම්මාන උළෙලේ වැඩිම සම්මාන ගණනක් හිමි කර ගැනීමට සමත් වූයේ ‘ත්‍රී ඉඩියට්ස්’ චිත්‍රපටය යි. ‘ත්‍රී ඉඩියටස්’ හිමි වූ සම්මාන ගණන 16 කි. මෙම උත්කර්ෂවත් අවස්ථාවට අමාත්‍ය ජීවන් කුමාරතුංග මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා, ජනමාධ්‍ය හා තොරතුරු අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්. ඩි. ගනේගල මහතා ඇතුළු නිලධාරීහු රැසක් සහභාගි වූහ. |
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||