2008-07-04

ජෙයරාජ් ප‍්‍රනාන්දුපුල්ලේ

ජෙයරාජ් ප‍්‍රනාන්දුපුල්ලේ තෙමස් සමරු පින්කම් හෙට

අභාවප‍්‍රාප්ත ඇමැති ජෙයරාජ් ප‍්‍රනාන්දුපුල්ලේ මහතාගේ තෙමස් සමරුව වෙනුවෙන් හෙට (05) සහ අනිද්දා (06) පින්කම් මාලාවක් පැවැත්වේ.

හෙට උදේ බෝලවලාන ජෙයරාජ් ප‍්‍රනාන්දුපුල්ලේ පදනම් කාර්යාලයේ දී ලේ දන්දීමේ පින්කමක් සහ රාතී‍්‍ර 6.00 ට උඩුවේ ධම්මාලෝක හිමියන් පවත්වන ධර්ම දේශනයක් ද වැලිහේන නිවෙසේ පැවැත්වේ.

පසුදා (06) උදේ 6.00 ට වැලිවේරිය කාන්ති කී‍්‍රඩාංගණය අසල පිහිටි ජෙයරාජ් ප‍්‍රනාන්දුපුල්ලේ සමරු ඵලකයට පුෂ්පෝපහාර දැක්වීම හා දහවල් භික්‍ෂුන් වහන්සේලා පනස්පස් නමකට සංඝගත දක්‍ෂිණාවකි.

මෙම පින්කම් සඳහා විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප‍්‍රනාන්දුපුල්ලේ මහත්මිය ඇතුළු පවුලේ ඥාතීහු සහභාගී වෙති.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා