|
||||||||||||||||||||||||||||||||||||||||||||||||
සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ සමීපතම මිතුරකු වී සිටියේය. ඔහුගේ ඡන්ද පදනම දෙස බැලූ කල පෙනී යන දෙයක් තිබුණි. එනම් සිංහල, මුස්ලිම්, ජනතාවද නාගරික දිළින්දන්ද ඔහු වටා සමීපවීමයි. මෙලෙස එක් අතකින් ජනතාවටද අනික් අතින් පාලක පන්තියටද සමීප ලෙස කටයුතු කිරීමට දුරෙයි අප්පා මහතා සමත් විය. මොහු ලබා සිටි මේ තත්ත්වය නිසා පෙඩරල් පක්ෂය ඇතුළු යාපනයේ තිබූ වෙනත් දෙමළ පක්ෂවලට දුරෙයි අප්පා අභියෝගයක් වී තිබුණි. මෙවැනි පසුබිමක 1970 මහ මැතිවරණය පැවැත්විණි. එහිදී තරග කළ පෙඩරල් පක්ෂය බලාපොරොත්තු නොවූ පරාජයක් ලැබුවේය. පෙඩරල් පක්ෂයේ ප‍්‍රධානීන් ගණනාවක් පරාජය ලැබූ පිරිස අතර විය. පක්ෂයේ ලේකම් එස්. ජේ. වී. නාගනාදන් පරදවා ද්‍රවිඩ සංගමයේ සී. අරුම්පලම් නල්ලූර් ආසනය ජය ගත්තේය. ඒ අමිර්තලිංගම් පරදවා ද්‍රවිඩ සංගමයේ ඒ. ත්‍යාගරාජා වඩුක්කෝඩෙයි ආසනය ජය ගත්තේය. කිලිනොච්චි ආසනයට පෙඩරල් පක්ෂයෙන් තරග කළ අලාල සුන්දරම් පරාජය වූයේ ද්‍රවිඩ සංගමයේ ආනන්ද සංගරීටය. මෙලෙස පෙඩරල් රාජ්‍ය පිළිබඳ විශ්වාස කළ පෙඩරල් පක්ෂය පරාජය විය. මින් පසුව පක්ෂයේ අභිවෘද්ධිය වෙනුවෙන් ගත යුතු ක‍්‍රියා මාර්ග පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා 1971 පෙබරවාරි මස 7 වැනි දින යාපනයේ සියලුම දෙමළ දේශපාලන පක්ෂ එකතු කර රැස්වීමක් පැවැත්වීමට පෙඩරල් රාජ්‍ය වෙනුවෙන් පෙනී සිටි පෙඩරල් පක්ෂය කටයුතු කෙළේය. එහි දෙවෙනි රැස්වීම 1972 මැයි 14 දින ති‍්‍රකුණාමලය නගර ශාලාවේදී පැවැත්විය. රැස්වීමට පෙඩරල් පක්ෂයේ සමස්ත ලංකා ද්‍රවිඩ සංගමය, ලංකා වතු සංගමය, එලතමිලා ඔට්ටුවෙයි මුනානි සංවිධානය සහභාගි විය.
මේ සියලු පක්ෂ එක්වී දෙමළ විමුක්ති පෙරමුණ පිහිටුවා ගත්හ. මෙවර ඔවුන්ගේ ප‍්‍රධාන අරමුණ වී තිබුණේ 1972 මැයි 22 දින සමගි පෙරමුණ ආණ්ඩුව ඉදිරිපත් කිරීමට නියමිත නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට කරුණු කිහිපයක් එක් කර ගැනීමය. එහෙත් ඒ කරුණු එක්කර ගැනීමට සමගි පෙරමුණ එකඟ නොවීය. මේ අනුව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සම්මත කිරීමේදී එයට එරෙහිව ඡන්දය භාවිත කරන මෙන් දෙමළ එක්සත් පෙරමුණ සියලු දෙමළ මන්තී‍්‍රන්ගෙන් ඉල්ලා සිටීය. මේ ඉල්ලීමට එක් පිරිසක් එකඟ වන විට තවත් පිරිසක් එය ප‍්‍රතික්ෂේප කෙළේය. විරුද්ධ පිරිස අතර ආනන්ද සංගරී මහතා ද විය. එමෙන්ම මේ කාලයේදීම සී. අරුම්පලම් සහ ඒ. ත්‍යාගරාජා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට බැඳුණි. ඒ සමගම පැවැති ඡන්ද විමසීමේදී ඒ. ත්‍යාගරාජා, කුමාර සූරියර්, සී. අරුම්පලම්, සී. එක්ස් මාර්ටින්, රාජන් චෙල්වනායගම්, සුබ‍්‍රමනියම් නව ව්‍යවස්ථාව සම්මත කර ගැනීමට ඡන්දය දුන්නේය. මේ සමගම පෙඩරල් පක්ෂය විසින් එම මන්තී‍්‍රන් දෙමළ ජනතාව පාවා දුන් මන්තී‍්‍රන් ලෙස සැලකුවේය. සම්මත වූ නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට විරෝධය පාමින් දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ සාමාජික කාසි ආනන්දන් මැයි 24 වැනි දින ප‍්‍රකාශයක් කෙළේය. එහිදී දෙමළ ජනතාව පාවා දෙන ලද සාමාජිකයන් හය දෙනාට ස්වාභාවික මරණයක් පවා නොලැබිය යුතු බව ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කෙළේය. එමෙන්ම ඔවුන්ට විය යුත්තේ කුමක්දැයි දෙමළ තරුණයන් තීරණය කළ යුතු බවද ප‍්‍රකාශ කෙළේය. සන්නද්ධ කි‍්‍රයාවලට ආරාධනයක් බඳුවු මේ ප‍්‍රකාශයත් සමගම මන්තී‍්‍රවරුන් ගණනාවකට තර්ජන එල්ල විය. ඇතමෙකුට බෝම්බ ගැසුණු අතර තවත් අයට වෙඩි තැබුණි. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ පී. රාජසුන්දරම්, සමසමාජ පක්ෂයේ ඊ. සිවනේෂන් කුමාර් කුලසිංහම් ඒ. ත්‍යාගරාජා යන ජනතා නියෝජිතයින්ට ප‍්‍රහාර එල්ල විය. එමෙන්ම මෙහිදී දෙමළ එක්සත් පෙරමුණ ඇල්ෆ‍්‍රඩ් දුරෙයි අප්පාට විරුද්ධවද දරුණු ප‍්‍රහාරයක් එල්ල කෙළේය. දුරෙයි අප්පාගේ දේශපාලන ගමන්මග විනාශ කිරීමට යොදාගත් ප‍්‍රධාන සිදුවීම වූයේ 1971 ජනවාරි මස 3 සිට 9 දක්වා පැවැති අන්තර්ජාතික දෙමළ පර්යේෂණ සමුළුවයි.
නවවෙනිදායින් රැස්වීම අවසන් වීමට තිබුණද එය 10 වැනිදා දක්වා දීර්ඝ කිරීමට සිදු විය. මේ සමුළුව පැවැත්වූයේ යාපනයේ වීරසිංහම් ශාලාවේදීය. මේ උත්සවය පැවැත්වෙන අතරවාරයේදී පොලිසිය සහ සහභාගි වූවන් අතර නොසන්සුන් කමක් ඇති විය. මෙහිදී පොලීසිය එල්ල කළ වෙඩි ප‍්‍රහාරයක් විදුලි කම්බියට වැදී කඩා වැටීමෙන් රැස්ව සිටි පිරිසෙන් නව දෙනෙක් මරු මුවට පත් වූහ. මේ ඛේදවාචකයට යාපනය නගරාධිපතිවරයා කිසි ලෙසකින් හෝ සම්බන්ධ බවට සාධක කිසිවක් නොවීය. එහෙත් ආණ්ඩුව සමඟ සිටීම යන කාරණය මත නගරාධිපතිවරයා වරදකරුවකු ලෙස දෙමළ එක්සත් පෙරමුණ විසින් හඳුන්වන ලදී. මේ රැස්වීමට එකඟ වීමක් හෝ විරුද්ධ වීමක් නගරාධිපතිවරයා විසින් සිදු කර නොතිබිණි. ඒ නිසා ඔහුට මේ චෝදනාව එල්ල කිරීමට දෙමළ එක්සත් පෙරමුණට පහසුවිය. කිසිම වගකීමකින් තොරව නගරාධිපතිවරයා කෙරෙහි ද්වේෂය තරුණ පරපුර තුළ ඇති කිරීමට මෙම පක්ෂය කටයුතු කෙළේය. මෙයින් පිබිදුණු ප‍්‍රභාකරන් ඇතුළු කිහිප දෙනෙකු දුරෙයි අප්පා මහතා ඝාතනයට සැලසුම් කෙළේය. නගරාධිපතිවරයා ඝාතනයට ප‍්‍රභාකරන් පෙළඹීමට තවත් හේතුවක් තිබුණි. එනම් සිවකුමාරන් නැමැති ප‍්‍රභාකරන්ගේ වීරයා වී සිටි පුද්ගලයා 70 දශකය ආරම්භයේදී යාපනයේ තරුණයන් අතරින් පිස්තෝලයක් තිබුණේ සිවකුමාරන්ට පමණක් යැයි කියැවේ. ඔහුද 1971 මාර්තු මාසයේදී දුරෙයි අප්පා ඝාතනය කිරීමට බෝම්බ තැබුවේය. බැංකු කොල්ලයකට හසුව සිටි සිවකුමාරන් එහිදී පොලිස් අත් අඩංගුවට පත්ව සයනයිඩ් කා මිය ගියේය. ඔහුව යාපනයේ වීරයෙකු ලෙස සැලකීමට සමහර පිරිස් කටයුතු කෙළේය. ප‍්‍රභාකරන්ගේ වීරයකු වී සිටි සිවකුමාරන් දුරෙයි අප්පා ඝාතනයට උත්සාහ කර තිබීම ප‍්‍රභාකරන්ගේද දුරෙයිඅප්පා ඝාතනයට පෙළඹීමට එක් හේතුවක් වන්නට ඇත. මේ වන විට ප‍්‍රභාකරන් සිය ප‍්‍රචණ්ඩ කි‍්‍රයා ආරම්භ කර තිබිණි. පළමුවෙන්ම බස් රථයක් ගිනි තැබූ ඔහු මංකොල්ල කෑම් සහ තවත් අපරාධ කිහිපයකට සම්බන්ධ වී සිටියේය. මේ අතර ඔහු තරුණයන් කිහිප දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් පිහිටුවා ගෙන තිබුණි. 1972 දී ඇරඹුණු මේ කණ්ඩායම දෙමළ නව කොටි (ඊව්ඊ) නමින් හැඳින්විය. මේ අතර 1975 ජුලි 26 වැනි දින උදා විය. ප‍්‍රභාකරන් යාපනයේ විසූ තම මිතුරකුගේ නිවෙසට ගියේය. මිතුරාගේ නිවෙසට ගිය ප‍්‍රභාකරන් සතුව රිවෝලර් දෙකක් ගිනි පෙට්ටි පාර්සලයක් සහ රසායනික ද්‍රව්‍ය කිහිපයක් තිබිණි. මිතුරාගේ නිවෙසේ සිට ප‍්‍රභාකරන් තමා සතු රසායන ද්‍රව්‍ය සහ ගිනි පෙට්ටියේ තිබුණු වෙඩි බෙහෙත් ගෙන කලවම් කරන්නට විය. ‘උඹට මේවායින් වෙඩි තියන්න පුළුවන්ද ?’ මිතුරා ඇසීය. ‘කට වහගෙන ඉඳපන්’ යැයි කී ප‍්‍රභාකරන් රිවෝලරය අවශ්‍යතාව වෙනුවෙන් සූදානම් කළේය. පසුදා හිමිදිරිය උදා විය. ප‍්‍රභාකරන් සිය ටී. එන්. ටී. සාමාජිකයන් තිදෙනෙකු වන කලාපති, පද්මරාජා, සෙට්ටි සමග යාපනයේ පොන්නලායි හි පිහිටි වර්ධරාජා පෙරුමාල් කෝවිලට පැමිණියේය. ගල් පඩිය මත වාඩි වී සිටි මොවුන් සිව් දෙනා දොරෙයි අප්පාගේ පැමිණීම බලාපොරොත්තුවෙන් සිටියේය. මධ්‍යහ්නය උදා විය. යාපනය නගරාධිපතිවරයා යෝගනාදන් සහ රාජරත්නම් නම් සිය මිතුරන් දෙදෙනා සමග මෝටර් රථයෙන් පැමිණ කෝවිල් බිමට බැස්සේය. ‘වෙඩි තියපන්, වෙඩි තියපන්’ යැයි කෑ ගැසූ අයෙක් රිවෝල්වරයක්ද ගෙන නගරාධිපතිවරයා දෙසට දිව එන්නට විය. බියට පත්වූ යෝගනාදන් අසල වූ වෙළෙඳ සැල වෙත ගොස් සැඟවුණි. වහා කි‍්‍රයාත්මක වූ ප‍්‍රභාකරන් සහ සගයෝ නගරාධිපතිවරයා දෙසට වෙඩි කිහිපයක් තැබුවේය. වෙඩි පහර කෑ නගරාධිපති දුරෙයිඅප්පා මහතා ඒ මේ අත වැනෙමින් විත් බිම ඇද වැටුණේය. මිනීමරු ප‍්‍රභාකරන් සහ සහචරයෝ දුරෙයිඅප්පා මහතාගේ වාහනයේ නැගී පලා ගියේය.
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||
| ||||||||||||||||||||||||||||||||||||||||||||||||
| ||||||||||||||||||||||||||||||||||||||||||||||||