|
||||||||||||||||||||||||||||||||||||||||||||
එහෙත්, තොප්පිගල අත්කර ගනිමින් නැඟෙනහිර මුළුමනින් එල්. ටී. ටී. ඊ. යෙන් මුදාගැනීමට හැකිවීමත් සමඟ සෙසු මාධ්‍ය පවා මේ කාරණය ගැන උනන්දු වන්නට වුණා. නැඟෙනහිර මැතිවරණය පවත්වා ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කිරීමත් සමඟ එම මෙහෙයුම සිදුවුණේ හුදු රජයේ ප‍්‍රචාරක අවශ්‍යතාවක් සඳහා නොවන බව කාටත් තේරුම් ගියා. කිසිසේත් අත්කරගත නොහැකියැයි කියූ තොප්පිගල කන්ද වීරෝදාර ආරක්ෂක හමුදා විසින් අත්කර ගැනීමෙන් පසු, නැඟෙනහිර උදානය අපි තොප්පිගල කඳු මුදුනේ සිට සජීවීව විකාශනය කළා. නමුත් තොප්පිගලින් පසු මේ දර්ශන කොළඹට එවීමේ දී සෑහෙන දුෂ්කරතා මැද එය කරන්න සිදු වෙලා තිබුණා. අපි මේ දර්ශන යොමුකළේර්ඪජපධ ඹ්ඪදඬ (මයික්‍රෝ ලින්ක්) ක‍්‍රමයටයි. එයට 10 – 12 වත් පිරිසක් අවශ්‍යයයි. වාහන 2 – 3 ක් ඕන. මේ නිසා ප‍්‍රවෘත්තිය ආවරණයට වඩා වැඩි කාලයක් දර්ශන කොළඹට එවන්න ගත වුණා. මේ දුෂ්කරතාවන්ට මුහුණ දෙමින් මම මේ ගැන අත්දැකීම් ලැබුවා. නැගෙනහිර වාර්තාකරණයෙන් පසු ජනාධිපතිතුමාත්, ආරක්ෂක ලේකම්තුමාත් උතුරේ මානුෂීය මෙහෙයුම වාර්තා කිරීම සඳහා යොමු වන ලෙස කළ ඉල්ලීම ඉතා කැමැත්තෙන් පිළිගනිමින් ඊට දායක වුණා. මාවිල්ආරුවලින් පසු වන්නි මෙහෙයුම ඉදිරියට ඇදුණේ සිලාවතුර සිටයි. එහෙත් එය එක දිගට යන කි‍්‍රයාන්විතයක් ලෙස පිටතට පෙනුණේ නැහැ. එක දිගට යන කි‍්‍රයාන්විතයක් ලෙස එය ඇරැඹුණේ පිරමානකුලම්වලින්. තම්පනේ - පෙරියතම්පනේ – මඩුපාලම්පිඩ්ඩි, පෙරිය පරිච්චාන්, පණ්ඩි පරිච්චාන් ආදී ප‍්‍රදේශ ඔස්සේ මේ මෙහෙයුමට යුද හමුදාවේ 57 සේනාංකය යොදවා තිබුණා. ඊට අණදුන්නේ මේජර් ජනරාල් ජගත් ඩයස්. මඩුපාර දිගේ මඩු දේවස්ථානය ත‍්‍රස්තවාදී ග‍්‍රහණයෙන් මුදාගැනීම ඉලක්ක කළ එම ගමන වාර්තාකරමින් අපිත් එක් වුණා. 572 බලසේනාව කි‍්‍රයාන්විතයට එක්වුණේ කර්නල් සෙනරත් බණ්ඩාර යටතේයි. මේ හමුදා පිරිස් ඉලක්කය කරා යන අතර 58 සේනාංකය, කාර්ය සාධක බලකාය – 1 යනුවෙන් මන්නාරම නගරයේ ස්ථාපිත කෙරුණා. එහි පළමු සේනාංකාධිපතිවරයා වුණේ බි‍්‍රගේඩියර් චාගි ගාල්ලගේ. ඔහු නැගෙනහිර මුදාගැනීමේ සටනටත් අභීත නායකත්වයක් ලබා දුන්නා. ඉන්පසු 58 වෙනි සේනාංකාධිපතිවරයා ලෙස පත් වුණේ බි‍්‍රගේඩියර් ශවේන්ද්‍ර සිල්වා. 58 සේනාංකය ප‍්‍රහාරක කි‍්‍රයාන්විතයක් ඇරැඹුවේ තිරුකේතීශ්වරම් දේවාලය අසළින්. එය මාන්තායි සටන යනුවෙන් ප‍්‍රකටයි. මාන්තායි සටන අරඹා මාසයක් ගත වීමටත් කළින් පළමු කාර්ය සාධක බලකාය ඒ වන විට ඔවුන් අත්පත් කරගෙන සිටි ප‍්‍රදේශය තුළ පිහිටි දේවස්ථානයේ ශ‍්‍රමදානයක නියැලෙන අතර එල්. ටී. ටී. ඊ. කාලතුවක්කු ප‍්‍රහාරයක් එල්ල වුණා. මේ ප‍්‍රහාරයෙන් සෙබළු සය දෙනෙක් පමණ මිය ගියා. ප‍්‍රහාරය සිදුවුණේ අප එහි ගිය දිනයේ ම යි. 57 වැනි සේනාංකය සමඟ වාර්තාකරණයේ යෙදුණ අප 58 වන සේනාංකය වෙත යොමු වීමත් සමඟ එවැනි බිහිසුණු අත්දැකීමක් ලැබීම අමතක නොවන කාරණයක්. එය සිදුවුණේ අපේ දෑස් ඉදිරිපිටමයි. අනෙක, මේ ස්ථානය පිහිටියේ මන්නාරම නගරය ආශ‍්‍රිතවයි. මෙහෙයුම්වල ආරම්භය සිදුවන විට එල්. ටී. ටී. ඊ. යේ බලය ව්‍යාප්ත වී තිබූ ආකාරය පිළිබඳ අපට ඉන් අදහසක් ලැබෙනවා. දරුණු ගැටුම් මැද යෝධවැව ප‍්‍රදේශයට.... හෙට පත‍්‍රයේ |
||||||||||||||||||||||||||||||||||||||||||||
| ||||||||||||||||||||||||||||||||||||||||||||
| ||||||||||||||||||||||||||||||||||||||||||||