2009-10-26

‘රුබෙල්ලා’ එන්නත ගැන පුළුල් පරීක්ෂණයක් පවත්වන්න

‘රුබෙල්ලා’ එන්නත ගැන පුළුල් පරීක්ෂණයක් පවත්වන්න

ඇමැති නිමල් සිරිපාල ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉල්ලයි

ඉන්දියාවේ පූනායි හි පිහිටි සීරම් ආයතනයෙහි රුබෙල්ලා එන්නත නිපදවීම පිළිබඳව විශේෂ පරීක්ෂණයක් පවත්වන ලෙස සෞඛ්‍ය රක්ෂණ හා පෝෂණ ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා ජිනීවා හි පිහිටි ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් විශේෂ ඉල්ලීමක් කර ඇත.

සෞඛ්‍ය ඇමැතිවරයා ජිනීවා හි පිහිටි ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් මෙම ඉල්ලීම කර ඇත්තේ ඉකුත් දා රුබෙල්ලා එන්නත ශරීරගත වීමෙන් මියගිය දැරියට ලබාදුන් එන්නත් කාණ්ඩයෙහි තත්ත්වය පිළිබඳ පුළුල් පරීක්ෂණයක් සිදුකරන ලෙසටය.

එම එන්නත් කාණ්ඩය පූනායි ප්‍රදේශයේ පිහිටි සීරම් ආයතනයට ගොස් පරීක්ෂණ පැවැත්වීමට මේ අනුව ලෝක සෞඛ්‍ය සිංවිධානයේ වෛද්‍යවරුන් ගෙන් සමන්විත කණ්ඩායමක් සිදුකරනු ඇති අතර එම එන්නතෙහි කාණ්ඩයට අනුව එහි තත්ත්වය සහ ගුණාත්මක භාවය පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධාන නියෝජිතවරුන් පවත්වන පරීක්ෂණයෙන් අනතුරුව ලබා දීමට නියමිත වාර්තාව මාධ්‍ය හමුවේ ඉදිරිපත් කරන බවද සෞඛ්‍ය ඇමැතිවරයා ප්‍රකාශ කෙළේ ය.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා